එතන තිබුනෙ කුඩා රවුම් ලී මේසයක් වුනත් ඒ මේසයෙ රාමුව විතරයි ලී වලින් හදලා තිබුනෙ. මැද තිබුනෙ වීදුරු රාමුවක්. ඒ වීදුරුව විනිවිද පෙනුනා වුනත් සාමාන්‍ය බලයකින් බිදලා දාන්න බැරි ශක්තිමත් බවක් ඒ වීදුරුවට තිබ්බා කියලා සේහිට හිතුනා. ඒ ගැන තව දුරටත් හිතන්න ඕනි වුනත් තමන්ගෙ සැමියා නිසා ඇයට ඒකට ඉඩක් ලැබුනෙ නෑ.

" සේහි.."

සේහිගෙ ඇස් තමන්ට ඉදිරියේ තිබුන බෙන්ච් එකේ වාඩිවෙලා හිටපු ජොන් ජන්කුක්ගෙ ඇස් දිහාවට යොමු වුනා. හැමදාම වගේ ඒ වෙලාවෙත් සේහිගෙ ඇස් වල කිසිම පැකිලීමක් තිබුනෙ නෑ. ඒ නිසාම ඇය බිම බලා ගත්තෙ නෑ. මොකද එයාගෙ යටි හිතේ විශ්වාසයක් තිබුනා ඇස් දිහා කෙලින් නොබලා අහන දේට කෙලින් කතා නොකර බිම බලන් ඉන්න තරම් තමන් වැරද්දක් කරලා තිබුනෙ නෑ කියලා.

" කියන්න.."

" මට සමාවෙන්න.." ජන්කුක්ට ඒ වචනෙ සේහිගෙ ඇස් දිහා කෙලින් බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

" මොනාටද..?"

" කරපු හැමදේකටම.."

" සමාවෙන්න කියන වචනෙ නිසා කරපු හැමදේම නැති වෙනවද ජන්කුක්ශී..?" සේහි තවමත් කෙලින්.

" නෑ.. ඒත් මට දැන් කරන්න තියන්නෙ ඒ දේ විතරයි.."

" දන්නවද ජන්කුක්ශී මන් මේ ලෝකෙන් අකමැතිම වචනෙ මොකක්ද කියලා..?"

ජන්කුක් දෙපැත්තට ඔලුව වැනුවා. ඒකෙන් ඔහු අදහස් කලේ 'නෑ' කියන අදහස වෙන්න ඇති.

" සමාවෙන්න කියන වචනෙ.."

ජන්කුක්ට ආපහු සුසුමක් හෙලුනා.

" මට ඔයාගෙන් සමාව ඕනි නෑ ජන්කුක්ශී.. ඒ නිසා ඔයා ඒක තියා ගන්න.."

සේහි ජන්කුක්ගෙ ඇස් වලට හිනා වුනා. ඒක ඇත්තටම අවංක හිනාවක්.

" මට තව එක අවස්ථාවක් දෙන්න පුලුවන් ද සේහි..?"

" මන් අවස්ථා නිර්මානය කරන කෙනෙක් නෙවෙයි ජන්කුක්ශී.. වටපිටාවෙ තියන හැමදේම ඔයාගෙ නම් ඔයා වැඩ කරපු විදිහට අවස්ථාවක් ඕනිද නැද්ද කියලා තේරුම් ගන්න ඕනි ඔයාමයි. නැතුව මන් නෙවෙයි.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now