📚 My Writing Tips ✒

Start from the beginning
                                    

ඊලඟට මම තීරණය කරන්නෙ මම කතාව ලියන perspective එක point of view එක. මේක කතාවකට ගොඩක් වැදගත්. ප්‍රධාන වශයෙන් point  of view වර්ග තුනක් භාවිත කරනවා. ඒ අතර uncommon POV කිහිපයකුත් දකින්නත් පුළුවන්.

1. First person singular - මම කියන අර්ථයෙන්
2. First person plural - අපි කියන අර්ථයෙන්
3. Second person - ඔබ කියන අර්ථයෙන්
4. Third person - ඔහු / ඇය කියන අර්ථයෙන්
5. Alternative person - කතාවට බාහිර වෙනත් පුද්ගලයෙකු අර්ථයෙන්.

මම උඩින් දක්වලා තියෙන POV වලින් තුනක් විතර තමා දැනට මගෙ කතා වලට මම පාවිච්චි කරලා තියෙන්නෙ. ඉදිරියෙදි වෙනස් POV පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. මෙතනින් කතාවට ගැලපෙන හොඳ POV එකක් තෝරගන්න අපිට පුළුවන්

භාෂාව ගැන කිව්වොත් මම ගොඩක් වෙලාවට සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන් තමා ගොඩක් කතා ලියලා තියෙන්නේ. මෑතකදි මම ටිකක් මගේ ශෛලිය වෙනස් කරා. මෙතනදි අපි ලියන කතාවට හොඳටම ගැලපෙන භාෂා ශෛලිය තෝරගන්න ඕනි.. සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවද, සාහිත්‍ය පැත්තට බර භාෂාවක්ද, සම්පූර්ණයෙන්ම සාහිත්‍යමය භාෂාවක්ද කියලා අපේ plot එකට ගැලපෙන්න තෝරගන්න ඕනි.. historical plot එකක් නම් ඒකට ගැලපෙන විදියට භාෂාව වෙනස් වෙන්නම ඕනි. නැත්නම් අපිට ඒ හැඟීම පාඨකයාට දනවන්න අමාරුයි.  ඒ වගේම කතාව ලියද්දි එකම වචන set එකකට හුරු වෙන්න එපා අලුත් අලුත් වචන හොයන්න. ලියන දේ තුළ විවිධත්වයක් ඇති කරගන්න. මමනම් පරිවර්තන පොත් කියවලා තමා මට ගැලපෙන vocabulary එකක් හදාගත්තෙ. ඒ වගේම කාලෙන් කාලෙට අලුත් වචන update කරගන්නත් අමතක කරන්න එපා.

ඕනම කතාවකට හේතුඵල සම්බන්ධය ගොඩාක් වැදගත්. කතාව ගලාගෙන යන්න මේක ගොඩක් වැදගත්  වෙනවා.. ඒ නිසා මම මේකට වැඩි අවධානයක් දෙනවා. එක පාරටම උඩින් කඩන් පාත් උනා වගේ සිද්ධි මගෙ කතා වලට දාන්නෙ නැහැ මම. හැම සිද්ධියක්ම ඇති වෙන්නෙ යම්කිසි හේතුවක් ඇතුව..

ඒ වගේම කතාව මුල ඉඳන් අවසානය වෙනකම් ගැලපීමක් ඇතුව ලියාගෙන යන්න ඕනි. කතාව කියවන කෙනාට මුලයි මැදයි අගයි කොහොමද සම්බන්ධ වෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙනවනම් වැඩක් නැහැ. කතාවෙ හැම සිද්ධියක්ම එකිනෙකට ගැලපුනාම තමා කතාව ලස්සන.

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now