✾𝟸𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾

Start from the beginning
                                    

"ආහ්හ්හ්හ්"

බිමවැටිලා හිටපු කොල්ලා අමාරුවෙන් එහාට මෙහාට දගලද්දි කොල්ලගේ බද වටේ අත දාලා ඇදා ගත්තු නම්ජූන් බිම වැටිල හිටපු කොල්ලව කොලර් එකෙන් ඉස්සුවේ චැන්‍යෝල් කිසිම පණක් නැතුව ඇදිලා එද්දි..

"අපි ඉන්නකන් ඒ කෙල්ලට අතක් තියන්න යක්ශයටවත් බෑ.අරස්සෝ.උබ අද මීට වඩා එහා ගියානම් උබව මරන්නේ මේ අත් දෙකෙන් මම දැනගනින්.දැන් පලයන් අපේ දෑහැට නොපෙනී.."

ඉහින් කටින් ලේ පෙරාගෙන හිටපු කොල්ලා පුලුවන් හයිය අරගෙන දුවනකොට ටේහ්‍යුන්ග් හැරුණේ බිම වැටිලා ඉන්න ඉකිගගහ ඉන්න කෙල්ලගේ දිහාට..

"ජීයුන්.."

ඇදගෙන හිටපු ජැකට් එක ගලෝපු කොල්ලා ඒක කෙල්ලගේ උකුල උඩින් දානකොට කෙල්ල අඩ අඩම තුරුල් වුණේ කොල්ලගේ පපුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇදගෙන හිටපු ජැකට් එක ගලෝපු කොල්ලා ඒක කෙල්ලගේ උකුල උඩින් දානකොට කෙල්ල අඩ අඩම තුරුල් වුණේ කොල්ලගේ පපුවට..

ක්ශණික ස්පර්ශයෙන් කොල්ලා ගැස්සිලා ගියත් කෙල්ලගේ උරහිස වටේ අතදාගත්තු කොල්ලා කෙල්ලව සනසන්න පටන්ගත්තේ ඇතිතරම් කෙල්ලට අඩන්න දීලා..

"ජීයුන්..හ්‍යුන්ග්..ඇ.ඇයි මේ.."

කලබලෙන් දුවන් ආපු ජන්ග්කුක් එහෙම අහද්දි ටේහ්‍යුන්ගේ තුරුලෙන් ඈත්වුණු කෙල්ල කදුලු පුරෝගෙන බැලුවේ කොල්ල දිහා..

"ඔ.ඔප්පා.."

අඩ සිහියෙන් කෙල්ල කොල්ලගේ නම මුමුණද්දි කෙල්ල ළගින් පහත්වුණු කොල්ලා කෙල්ලව කොල්ලට තුරුල් කරගත්තේ හිතින් දහස් වාරයක් තමන්ටම සාප කරගන්න ගමන්..

කෙල්ලව තුරුල් කරගත්තු කොල්ලා ඈත ඉදන් ඇස්වල කදුලු ඖරවන් බලන් හිටපු ටේහ්‍යුන්ග් දිහා බලද්දි කොල්ල මුකුත් නොකිය බිම බලාගත්තා..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now