chapter 21💗💙 𝕃𝕒𝕤𝕥 𝕡𝕒𝕣𝕥♡︎

113 25 61
                                    


දවස ගෙව්වෙ හෙට දවස බලාපොරොත්තුවෙන්..හැමදෙයක්ම හරින්ගස්සන දවස බලාපොරොත්තුවෙන්..හැමදෙයක්ම .. ඔක්කොම..හෙට ඉදන් ඉවරයි.

මට බලාපොරොත්තුවක් තිබුනේ හෙට දවස ගැන විතරයි.. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මන් දන්නෙ නෑ...කාලෙට ඉඩ දීලා මන් බලාගෙන හිටියා..මින්සෙඔක් ගැන හිතන්න මට අයිතියක් නෑ..

ඇත්තටම එයා මොකක්ද කරනවා ඇත්තෙ...

.
.
.
.
.
.
.
.
.
.
.
.

💙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💙

හැමදාම කලේ අඩන එකයි හූල්ලන එකයි..ජියා ගැනම හිතපු එක..මල්ලිලා ටික කොච්චර දේවල් කිව්වත් මගේ මතකේ තියෙන්නෙම ජියාව..ඒ වගේම එයා මගෙන් හංගපු රහස..එයාගේ පවුල ගැන..මන් කිසිම දෙයක් දන්නෙ නැතුව එයාට දුක් දුන්නා..අන්තිමට මට එයාව නැති උනා.. ආදරයක් පරිස්සම් කරගන්න බැරි මනුස්ඩයෙක් මම..මට එයාව ඕනේ..මන් දන්නෙ එච්චරයි...

යූරා... හේතුවක් නැතුවම මාව දාලා ගියා..
ජියා... මට නොකියම මාව දාලා ගියා..

යූරගේ මතක වලින් ඈත් උනේ ඔයා නිසා...මන් බලාපොරොත්තු උනා ඔයාත් එක්ක හැමදෙයක්ම අමතක කරලා සතුටින් ඉන්න.. ඒත් ඊට කලින් ඔයා ගිහින්...ඔයාව හොයපු නැති තැනක් නෑ මන්..මන් දන්නෙ නෑ..ඔයා කොහෙද..මොනවා කරනවද..මාව අමතකම කරලා දාලද කියලවත්.

මගෙ කිසිම වෙනසක් වුනේ නෑ..මන් හැමදාම ඔයාට ආදරෙයි ජියා.. කොහේ හිටියත් පරිස්සමින් ඉන්න..මන් ගාවට ආපහු එන්න..මන් බලන් ඉන්නවා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
💗

ඔන්නි උදේම ලැහැස්ති උනේ යූමි ඔන්නිව හම්බ වෙන්න යන්න මගෙ ඉල්ලිමට..ඔන්නි දන්නෙ නෑ එයා මොකටද, ඇයි යන්නෙ කියලා...ඒත් මන් දන්නවා.. එයා එයාගේ ජිවිතේ හොයාගෙනයි යන්නෙ..මන් එයාව යවන්නෙම එයාගේ ජීවිතේ බලාගන්න...ඔන්නි යනම් මන් බලන් හිටියේ යූමි ඔන්නිට කියන්න ඔන්නි ආවා කියලා..

💗💙 LOVE OR HATE💙💗||°KMS°||[COMPLETED ✔️ ]Where stories live. Discover now