02

657 190 151
                                    

ඔලුවත් කස කස ඈනුමකුත් ඇරලා මන් කෙලින්ම living room එකට ආවෙ හෝප් මේපාර කඩලා සුනු විසිණු කරන්න හදන්නෙ මගේ මොන බලාපොරොත්තුවද කියල හිතමින්..

කිසිම අතුරු අන්තරාවක් නැතුව පඩිපෙලේ අන්තිම පඩියට වෙනකන් ආපු මන් ඒ පඩියත් නමෝ විත්තියෙන් තියා ගන්න හිතාගෙන මන් මගේ පහල දකුණු ගාත්‍රය අංශක අණූවටම නවාගෙන බක තපස් රකින සුදු කොකෙක් වගේ අඩු කෑල්ලත් උස්සගෙන එක පයින්ම හිටගෙන හිටියෙ ලිවින් රූම් එකේ සෝෆා එකේ හිටපු හෝප් මලයා දැක්ක නිසා.. හෙමින් සැරේ මන් මගෙ රේඩාර් පද්දතිය හෝප්ගෙ පැත්තට යොමු කලේ මේ දහසක් මල් විකසිත වෙන හිමිදිරියේ හෝප් කිට මරාගෙන ඇවිත් ඉන්නෙ මොන කෙංගෙඩියකට ද කියල හිතන ගමන්..

'අද මොන වගේ ඩාල් කරියක් වළඳන්න ද දෙයියනෙ මට වෙන්නෙ...? ගැත්තාට අනුකම්පා කරලා මාව මේ හෝප් කාරයගෙන් බේර ගන්න දෙයියනේ...'

මන් උඩ ඉන්න දෙයියන්ටත් රික්වෙස්ට් පාරක් දාගෙන ඒක ඇක්සෙප්ට් කරන්න කියල ඉල්ලමින්ම අන්තිම අඩියත් තියලා හෝප් ඉන්න තැනට සම්ප්‍රාප්ත උනේ වෙනදා නම් දහසක් මල් සුපිපෙන හිමිදිරි උදෑසන ඒ මල් හැම එකක්ම මුකුලිත කරමින් මහ මුකුලිතයා වගේ කබ කඩ කඩ කුණු කෙලත් පෙරාගෙන රෑ ඇදුම් පිටින්ම පෙරේත තටුව තිව්ව වගෙ ගෙදර ඉස්සරහ හිටගෙන ඈනුම් ඇර ඇර ඉන්න අපෙ මව් යානාවගෙ ආදරණිය පුත්තර රත්නයට සිද්ද වෙලා තියෙන හාස්කම මොකක්ද කියල හිතන ගමන්.. අපරාදෙ කියන්න බෑ වෙනදා නම් ඒ සිරියාවන්ත නිදිමත මූණ උදේම දැකල දවස පටන් ගන්න මට කැදත් නෑ...

"ඇයි ආවෙ...?"

අත් දෙකත් බැදගෙන පුප්පගෙන හෝප්ගෙන් මන් ඇහුවෙ මගෙ ගෙදරට ඇවිත් එයාගෙ ගෙදර වගෙ ඉන්න හෝප්ගෙන්..

එයාගෙ ගෙදර වගේ...??

නෑ... මට වැරදුනා... එයාගෙ ගෙදර වගේ නෙවෙයි.. එයාගෙ ගෙදර තමයි...!!

ඔව්.. මේක හොප්ගෙ ගෙදර.. එතකොට මගෙ මව් යානාව හෝප්ගෙ දෙවෙනි ඔම්මා.. එතකොට මන්...??

කියන්න කනගාටුයි මිත්‍රවරුණි මන් මේ ගෙදර අරන් හදා ගත්තු එකා..!

කාණුවක් පල්ලෙ, කුණු ගොඩක් උඩ තිබිලා තමයි මාව අහු වෙලා තියෙන්නෙ...

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now