නිදි නැති වුනත් මේ කල්පනාව නිසා ඇස් වලින් ආපු බෝල කදුලක් ඕවල් හැඩයට පරිවර්තනය වෙන ගමන් කම්මුල දිගේ පහලට බැස්සෙ මීට මොහොතකට කලින් තමන්ගෙම සැමියගෙ සහෝදරයගෙන් ලැබුන කම්මුල් පහර නැවත නැවතත් මතක් කර දෙමින්. තාමත් නියපොතු පාර හිටලා තිබුන ඒ පාර උඩින් ඕවල් හැඩයක් ගත්තු කදුල ගලන් බහිද්දි සේහිට තමන්ගෙ හදවත ඇත්තටම වේදනා දෙනවා කියලා දැනෙන්න පටන් ගත්තා. ඒ නිසාම සුසුමක් හෙලපු සේහි හෙමින් ඇස් ඇරියෙ මෙච්චර වෙලා අදුරෙ තිබුන කාමරේ කොහොමද එකපාරටම ආලෝකමත් වුනේ කොහොමද කියලා හිතන ගමන් වගේම අදුරෙන් ආලෝකයට අමාරුවෙන් ඇස හැඩ ගස්වන ගමන්.

දැනටමත් ඔයාලා දන්නවා ඇයට ඇගෙ ඇස් ඉස්සරහින් දකින්න ලැබුනෙ කවුද කියලා.

~~~~~~~~~~

" ජන්කුක්ශී..?"

සේහි එහෙම ඇමතුවත් ජොන් ජන්කුක්ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ.

තවත් පාරක් ඔහුට කතා කරන්න ඕනි කියලා හිතුනත් ඊට වද නොවුන සේහි හෙමින් බ්ලැන්කට් එක අයින් කරලා ලේ ගෑවුන කුශන් කොට්ටය දිහා බලලා සුසුමක් හෙලුවා. ඊටපස්සෙ හෙමින් හෙමින් අඩිය තියලා ක්ලෝසෙට් එකට ගිහින් ටවල් ගත්තා. ඇයට ඕනි වුනේ සමහරවිට වොශ් එකක් දා ගන්න වෙන්න ඇති. ඒ වුනත් ඇයට ඒ දේ කරන්න ලැබුනෙ නෑ.

මොකද එකපාරටම හඩි දැඩි අත් දෙකකින් ඇයව ඇදලා අරගෙන ක්ලෝසෙට් එක එහා පැත්තෙ තිබුන සුදු පාට බිත්තියට හේත්තු කරලා උරහිසින් තද වුනු නිසා.

වෙන කවුද ඉතින් ජේජු වල ජොන් පැලස් එකේ ඉන්නෙ. ඔව්.. ඒ ඔහු තමයි. ජොන් ජන්කුක්..

" තමුන් හිතන් ඉන්නෙ හැමදේම කරලා මගෙන් බේරෙන්නද..?"

" හැමදේම කරලා..?" සේහිගෙන් ප්‍රශ්නාර්තයක්..

" හහ්.. දැන් කියන්නෙපා තමුන් නෙවෙයි මේ කිසිම දෙයක් කලේ කියලා.."

" ජන්කුක්ශී.. ඔයා මොනා ගැනද කියන්නෙ..?" සේහිගෙ කටහඩෙත් දුර්වල බවක් පේන්න තිබුනෙ නැහැ.

" මොනා ගැනද..? ඇයි ඔයා මැරිලා ඉපදුනාවත් ද මැඩම් සේහි..?" ජන්කුක්ගෙන් අර සමච්චල් සහගත හිනාව.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now