ඔව්. කතාව ඉවරයි. 🥺
මට දුකායි...
මේ කතාව සැප්තැම්බර් 18 වෙනිදා මට හිතුණ අදහසක් අනුවයි ලියන්න පටන්ගත්තේ.. මම මගේ හිතේ ඇඳුණු ඒ අදහසට ගොඩක් ආස වුණා. ඒ නිසාම මේක තමයි මම ලියපු කතාවලින් මම ආසම එක.
මම ලියපු විදිය හොඳයිද නම් දන්නේ නැහැ.මට ඕන වුණේ සරල කතාවක් ලියන්න. ඇත්තටම පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ එක පරිච්ඡේදයකින් ඉවර කරන්න ඕන කියලා. හී... කොහෙද ඉතින් !
පරිච්ඡේද 30 කින් ඉවර කරන්න හිතුවත් ඒකත් බැරි වුණා.. ඊට පස්සෙ තමයි හිතුවෙ 32න් ඉවර කරනවා කියලා.
ඊයෙ ලැබුණු award එකත් එක්ක මට එකපාරටම මතක් වුණේ අනේ හෙටින් කතාව ඉවරයි නේද කියලා... සතුට වගෙම දුකත් හිතුණා ඒ වෙලාවෙ..
ඇත්තටම මට තාමත් විශ්වාස කරන්න බෑ මේ කතාවට ඒ වගේ දෙයක් ලැබුණා කියලා. ඒකත් මහීසේනා දකින හීන වගේ හීනයක්ද දන්නෙත් නෑනේ.. හිහි..
මේ හැමදෙයක්ම කතාවට ලැබුණෙ ඔයාල නිසා..❤️
ටිකක් කොට පරිච්ඡේද තමයි දුන්නේ. කතාවෙ කුතුහලය රඳවාගන්න එහෙම කරන්න වුණා. පුළුවන් විදියට හැමදාම අප්ඩේට් දුන්නෙ කතාවට තිබ්බ ආසාව නිසාම තමයි.
( මං ලියන අනිත් කතා කියවන අය දන්න්වා මගේ අප්ඩේට් දීමේ සීඝ්‍රතාවය.. හිකිස් 👀 )
මේක මගේ කතාවක් නෙවෙයි...
අපි හැමෝගෙම කතාව
Ledge_D නංගාව මතක් කරන්නම ඕන මේ වෙලාවෙ.. කතාව ලියන්න ලොකු inspiration එකක් වුණා එයා. ඒ වගේම යුවිධායු, හිමක්ෂ කියන ලස්සන නම් දෙක දීලා කතාව ලස්සන කළෙත් එයා. තන්කූ බලුබ් නංගා... ❤
එතකොට කතාව කියවපු ඔයාල ගැන කියන්නම ඕනේ.
ඔයාල නැත්නම් මේ කතාව ලියවෙන එකක් නැහැ. මේ විදියට අවසානයක් දකින එකකුත් නැහැ. ලියන්න හිතුන් නැති වෙලාවල් ඕන තරම් තිබුණා. ඒත් ඒ වගේ වෙලාවට ඔයාලගෙන් ලැබුණු එකම එක කමෙන්ට් එකක් නිසා මම කතාව ආයෙත් ලියන්න ගත්තා.
ගොඩක් ස්තූතියි ඒ හැමදේම වෙනුවෙන්.❤🤝
මේ ඉන්නෙ මගේ ධවලකාලයන් 🥰😁
සූටි සූටි පරිච්ඡේද දීපු මම ඔයාලගෙන් දිගම දිග කමෙන්ට් එකක් ඉල්ලන එක සාධාරණ නෑනේ....
ඒත් කතාව ගැන හිතෙන දේ කියාගෙන ගියොත් මට ගොඩාක් සතුටු හිතේවි.මම ලියන විදියෙ අඩුපාඩු පවා...
එහෙනම් මම ගිහින් එන්නම්...මම,
Fangirl Euphoria ( Vxnessa_x )
ආදරෙයි හැමෝටම ගොඩාක්. ❤
YOU ARE READING
මහීසේනා [ Historical ] [✓]
Historical Fictionනමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08