~ 7 ~

231 65 10
                                    


අරුණෝදයත් සමඟ තුරුවැල් අතරින් ගලාවිත් පොළෝතලය සිපගත් හිරුරැස් කියාපෑවේ තවත් නවමු දිනයක ඇරඹුමයි.


මේ උදෑසන සාමාන්‍යයෙන් මාළිගාවේ අනෙක් සියලු අංශ කාර්යබහුල වුවද කුමරි අංගනය නම් වෙනදා පරිදිම සාමකාමී විය. මන්ද රෑ මැදියම වන තුරුත් අවදිව සිට සැතපෙන මහීසේනා කුමරිය විවේකී සුවයෙන් සැතපෙන මොහොතේ එතුමියට බාධා කිරීමට කිසිවකුත් අකමැති නිසාවෙනි. කුමරිය රාත්‍රී අහස නැරඹීමට ඉතා ප්‍රිය විය. තාරකාවන්, ඒවා මැවූ රටාවන් ඇගේ නෙතු තුළ මනස්කාන්ත දර්ශනයක් විය. තාරකා ශාස්ත්‍රය පිළිබඳ ඈ බොහෝ පොත්පත් කියවා දැනුම ලබා තිබුණි. ඈ රාත්‍රී ආකාසයේ තාරකා, මන්දාකිණි අතර අතරමං වීමට ප්‍රිය කළාය. එයයි එතුමිය සැමදා ප්‍රමාද වී සැතපීමට හේතුව වූයේ.


නමුත් මෙදින කුමරි අංගනය තුළ උදෑසිනින්ම ඇසෙනා කලබලකාරී පියවර හඬකි. ඒ කුමරියගේ කුටිය වෙත ඉක්මන් ගමනින් පිය නගන දාසියකි. ඈ එතුමියගේ ප්‍රධාන දාසිය භද්‍රා විය. ඈ කුඩාකළ සිටම කුමරියව රැකබලා ගත් නිසා එතුමිය කෙරේ අප්‍රමාණ ස්නේහයක් දැක්වූවාය.


කුටියේ ද්වාරයට තට්ටු කළ භද්‍රා,

" මහී කුමරියනි, කමා කරනු මැනවි. ඔබතුමිය අවදි වූවාද? මට ඇතුළට පැමිණීමට අවසරද කුමරියනි" යි යටහත්ව විමසුවාය.


නමුත් කුටිය තුළින් කිසිදු හඬක් නොඇසිනි.


" කුමරියනි, කමා කරන්න ඔබතුමියගේ නින්දට බාධා කිරීමට සිදුවීම පිළිබඳව. නමුත් ඔබතුමියට අත්‍යවශ්‍යයෙන්ම සැලකළ යුතු පණිවිඩයක් තිබෙනවා. එනිසා මා හට කුටිය තුළට පැමිණ ඔබතුමියව අවදි කරවීමට සිදුවෙනවා "


ද්වාරය විවර කළ භද්‍රා කුටිය තුළට පිවිසුණේ පෙර කී පණිවිඩය සටහන්ව තිබූ හසුනද දෑතින් ගුලි කරගෙනය.


මහීසේනා කුමරියගේ කුටිය තරම් මනස්කාන්ත ස්ථානයක් මුලු මාළිගාවෙහිම නොවීය. එය එතුමිය රුචි කළ ආකාරයටම සරසා තිබුණි. බිතුසිතුවම්, තෙල්සායම් සිතුවම් හා  භාරතයෙන් ගෙන්වූ මූර්ති නිර්මාණ වලින් කුටිය අලංකාර කර තිබුණි. කුටියේ මැද,  පොළොව සරසා තිබුණේ කුමරිය විසින්ම දඩයම් කළ ව්‍යාඝ්‍රයෙකුගේ සමකින් තැනූ බුමතුරුණකිනි. කුටිය කෙළවර වුයේ එතුමියගේ සිරි යහනයි. එයද සේද වියන් බැද මනස්කාන්තව සරසන ලද්දක් විය.


භද්‍රාට මේ සියලු මනස්කාන්ත දසුන් සුපුරුදු වූයේ ඈ දිනපතා මෙහි පැමිණෙන බැවින් වුවද, පැමිණෙන සෑම වාරයක් පාසාම ඒ දසුන ඇගේ දෑස් තුළ ඇගයීමට ලක්වන්නේ නිතැතිනි.


නමුත් අද වෙනදා දකින සුපුරුදු දර්ශනයේ වෙනසක් ඈට වැටහුණි. ඈ කුමරියගේ යහන දෙස නෙත් යොමුකළාය.


භද්‍රා තිගැස්සී ගියාය.


මහීසීනා කුමරිය ඇගේ යහන මතවත්, කුටියේ කොහිවත් නොවීය.





***



මහීසේනා කුමරිය කොහිද ?




***




ගෙස් කරන එක නවත්තන්න එපා. එතකොට ඔයාලටම පුළුවන් කතාව ඉස්සරහට, ඔයාල හිතුවා හරිද කියලා දැනගන්න.



මා එතෙක් මුනිවත රකින්නම්...   :)

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now