11 |

48 18 4
                                    

එයා මන් දිහා බලන් ඉදියා. ගොඩක් වෙලා. ඇහිපිය නොගහා බලන් ඉදියා. හරියට වශී වෙලා වගේ. එයා කතා කළේ හරිම මෘදු විදිහට.

-" ලස්සන කොල්ලෙක්නෙ... "

-" නටන්න පුළුවන් කියලා හිතනවද...? "

එදා සර් මගෙන් එහෙම ඇහුවම මම ඔළුව වැනුවා. සර් හරිම කරුණාවන්තයි කියලා මට තේරුණා.

ඔව් ~ මට වැරදුණා...

ජීවිතේ දෙවෙනි පාරටත් මට වැරදුණා. මම එච්චර මෝඩ ඇයි කියලා මමවත් දන්නෑ. වචනෙන් පෙනුමෙන් මිනිස්සු මනින්න විතරයි මම දැනන් ඉදියෙ.

මගෙ ඔම්මා, හැමදාම එයාව එක්කගෙන ගෙදර එන එක එක පිරිමි, බිත්ති හතරකට මැදිවුණ ඒ ගේ ඇතුළෙන් එහා මම ලෝකයක් දන්නෑ.

අවුරුදු දහඅටක කොල්ලෙක්ට පුළුවන් ද පොඩි එකෙක් වගේ හැසිරෙන්න... මෙච්චර බොළඳ වෙන්න...

මම මේ ගමන ආවෙ අම්මට හොරෙන්...

මොකද ~ එයා කැමති නෑ මේකට.

වචනෙකින්වත් අම්මට පිටින් නොගිය මම අද එයා අකමැතිම වැඩක් කරනවා.

ඔම්මා සතුටුවෙයි...

මම තැනකට ආවම එයා සතුටු වෙයි...

එතනත් වැරදුණා... කවමදාවකවත් එයා සතුටු වුණේ නෑ... ඒත් මම සතුටු වුණා... කවදාවත් නැති විදිහට සතුටු වුණා...

ඒත්,

ඒ... ඔයා එනකන් විතරයි. ඔයා එදා නොආවනන් සමහරවිට මම අද මෙතන නෑ.

නෑ ~ මම එදා ඔම්මට පිටින් ගියේ නැත්නන් මම අද මෙතන නෑ...

I ❤️ HIM (completed) Where stories live. Discover now