🌸Be Yourself🌸

Start from the beginning
                                    

ඒ වගේම තමන්ගේ readersලාට වෙනම fandom එකක් හදලා ඒ වගේ නමක් දුන්න පළවෙනි author මම. ඊට කලින් අපේ අනිත් authorsලා මේ දේ කරලා තිබුණෙ නැහැ. හැබැයි දැන් ගොඩක් authorsලා තමන්ගෙ fansලට ඒ වගේ ලස්සන fandom name එකක් දෙනවා. ඒක හොඳයි..

ඒත් ඉතින් මම දැක්කා මගේ fansලාගෙ fandom name එක තව authorsලා එයාලාගෙ fansලාට දාලා තියෙනවා.  මෙහෙමයි ඉතින් ඕනිම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් කැමති නමක් තමන්ගේ Fansලාට දාන්න.. ඒත් මං අහන්නෙ ඇයි ඔයාලා ඒක ඔයාලටම විශේෂ දෙයකින් නිර්මාණය කරගන්නෙ නැත්තෙ. මම මේ fandom name එක හදන්න සෑහෙන කල්පනා කරලා ගොඩක් suggestions අතරින් හොඳම එක තෝරලා ඒ වගේම තව අය ඒ නම use කරනවද නැද්ද කියලා හොයලා බලලා තමා දැම්මෙ.

ඉතින් මම කියන්නෙ ඒ වගේ creative වෙන්න ළමයි.. uncommon වෙන්න.. හැම තැනදිම අනිත් අය කරන දේම කරන්න යන්න එපා. තමන්ට ආවේණික දෙයක් කරන්න බලන්න. ඔයාලා යම්කිසි දෙයක් කෙනෙක්ගෙන් අනුකරණය කරාට කමක් නෑ.. හැබැයි ඒක ඔයාලට ආවේණික විදයට කරන්න.  ඒකම කරන්න යන්න එපා. එහෙම උනොත් ඔයා ඒක නොදැනුවත් කමට කරත් වැටෙන්නෙ කොපි කරපු ගණයට. 

මම මේ වගේ පෝස්ට් ලියන්නෙ නැහැ. ඒත් මම ලඟදි ඉඳන් මේ වැඩේ වෙච්ච authorsලා කිහිප දෙනෙක් දැක්කා. එයාලට දුකයි එයාලා මහන්සි වෙලා නිර්මාණය කරපු දේ තව කෙනෙක් ගෙඩිය පිටින් අරගෙන පාවිච්චි කරනකොට. මමනම් එහෙම කෙනෙක් දැක්කොත් කෙලින්ම කියනවා මේ නම මම වෙන author කෙනෙක් දාලා තියෙනවා දැක්කා කියලා. මම ලඟදිත් එහෙම කිව්වා නංගියෙක්ට. ඇත්තටම ඒ නංගි ඒ නම නිකම් දාලා තිබුණෙ එයාගෙ FF එකක් නිසා. දැන දැන කොපි කරලා නෙවෙයි. අනේ ඒ නංගි හරිම නිහතමානී විදියට මට කතා කරලා එයාටත් හොඳ fandom name එකක් තෝරලා දෙන්න කිව්වා. එයාම නිර්මාණය කරපු ලස්සන නමක් දාගත්තා ඊට පස්සේ. අන්න ඒ වගේ වෙන්න ළමයි.

තමන් තමන්ට ආවේණික වෙන්න. ඔයාලට එහෙම නිර්මාණශීලී වෙන්න බැරිනම් අනිත් අයගෙ උදව් ගන්න. දෙයක් කරද්දි ලස්සනට පිලිවෙලට කරන්න. ආවාට ගියාට කොපි කලා කරන්නම් වාලෙ දේවල් කරන්න එපා.

FF කොපි කරන එකනම් ඒ කාලෙ ඉඳන්ම කරන දෙයක්. ඒ දවස්වලනම් FF අඩු නිසා කොපි කරපු ගමන් අපිට අල්ලගන්න පුලුවන් උනා. ඒත් දැන්නම් තියෙන FF වල තරමට කොපි කරත් හොයාගන්න බැහැ. තමන්ගේ දෙයක් නිර්මාණය කරන්න බැරිනම් ඒ දේ නොකර ඉන්න. රැල්ලට එන හැමදේම කරන්න ඕනි කියලා දෙයක් නැහැ. Author කෙනෙක් FF එක් ලියද්දි ගොඩක් මහන්සි වෙනවා. කරුණු හොයලා study කරලා.. සමහරවිට නිදි මරාගෙන.. වැඩ ගොඩක් අස්සෙ ලියලා දාන කතාව එහෙම පිටින්ම කොපි කරලා වෙන කෙනෙක් දාලා තියෙනකොට මොනවගෙ හැඟීමක් එනවද කියලා කියන්න ඕනි නැහැනෙ. ඇත්තටම කලකිරෙනවා. ලියනවනම් ඒ plot එක අරගෙන තමන්ගේ විදියට වෙනස් කරලා අලුත් දෙයක් කරන්න. සමහර සිදුවීම් එක වගේ වෙන්න පුළුවන්. මම මේ කියන්නෙ ඒ දේ නෙවෙයි. මම මෑතකදි දැක්කා authorsලාගෙ FF එහෙම පිටින්ම අරගෙන වෙන platform එකක දාලා තියෙනවා කියලා. ඇත්තටම ඒක හරිම කැත වැඩක්. එහෙම කරන්න එපා ළමයි.. තමන් තමන්ටම විශේෂ වෙන්න.. අලුත් දෙයක් කරන්න. Uncommon වෙන්න... ස්වතන්ත්‍රභාවය රැකගෙන නිර්මාණ කරන්න.

මම දන්න කියන authorsලා එයාලගෙ fansලට දීපු fandom names ටිකක් මම පහළින් දාන්නම්. ඔයාලා දන්න ඒවත් comment කරන්න. එතකොට අනිත් authorsලට ලේසි වෙයි තමන්ගේ fansලට අනිත් අය නොදාපු වෙනස් නමක් දාගන්න. ඒ වගේම පහළ තියෙන picture එක තමා මගේ fandom logo එක. මට ඒක හදලා දුන්නෙ Park Ji Yeon නංගි. ඒ වගේම මගෙ පරණ account එක නැති උන නිසා මගේ fandom name එක දාපු date එක හොයලා දුන්නට Evangeline Thomas   ටත් ගොඩක් ස්තුතියි.

අවසානෙට කියන්න තියෙන්නේ...

තමන් තමන් වෙන්න...
අලුත් brand එකක් වෙන්න...
කාගෙවත් කොපියක් වෙන්න එපා...💜

මම දන්න කියන තමන්ගේ fansලට fandom names දීපු authorsලා සහ fandom names.💜

Kim Chan  Mi  - My Blossoms
Miss_Mint_Choco - My Chocoz
Kim_Taehee_00 - My Lovelyz
Sandee Kumarasinghe - My Lovely Kisses
TKauthornim - My Miracles
Cherry_Author90  - My Cherries
@DananjaniKumari - Lovely Dreamers
_BlinkeY_ - My Lilies
@Yushi_y - My Kookies

Kim Chan  Mi  - My BlossomsMiss_Mint_Choco - My ChocozKim_Taehee_00 - My LovelyzSandee Kumarasinghe - My Lovely KissesTKauthornim - My Miracles Cherry_Author90  - My Cherries@DananjaniKumari - Lovely Dreamers_BlinkeY_ - My Lilies@Yushi_y - My Kookies

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now