" කොහොමද..? කෝ කුක්..?"

" එයා.. මේ.. ජන්කුක් ඇතුලෙ ඉන්නවා ඔප්පා.." ඔව්.. ඒක බොරුවක් නෙවෙයිනෙ. ජන්කුක් ඒ වෙනකොටත් ජේජු වල ජොන් මන්දිරයේ හිටියා.

" ම්ම්.. ඉතින් ඔයා සතුටින් ද..?"

තේහ්‍යුන් ඇහුවෙ දිලිසෙන ඇස් වලින්. ඒත් තේහ්‍යුන්ගෙ ඒ ඇස් යුගල දිලිසෙන්න පටන් ගන්නවත් එක්කම සේහිගෙ ඇස් වල දිලිසුම අඩුවෙලා මලානික වෙන්න පටන් ගත්තා.

" ඔව් ඔප්පා.."

" මට විතරක් නෙවෙයි.. ඔයාටත් බොරු කියන්නෙ බෑ සේහී.." තේහ්‍යුන්ගෙ දීර්ඝ සුසුමක්.

" ඔව්.. මන් දන්නවා.."

" ම්ම්.. හරි.. ඉතින් ඔයා මොකද කලේ සේහි..? පොඩ්ඩක් ඉන්න.. මොකද මේ රිමෝට් කන්ට්‍රෝලර් එක බිම..?"

" අහ් ඇත්තටම..!! ඒ මගුල ගැන නම් කතා කරන්නෙපා.." සේහි ආපහු ජොන් ජන්කුක්ගෙ ගෙදර ටීවී එකට රැව්වා.

" අම්මෝ.. මොකද මේ..!?"

" මැච් එක පරාදයි.."

" මොකක්..?"

" මැච් එක පරාදයි.. මේ ටීවී එක නිසා තමයි සේරම.. ප්ෆ්ට්..!"

" ඔයා මැචස් බලනව ද සේහි..?"

" ආපහු නම් ජීවිතේට බලන්නෑ. විශේෂයෙන්ම මේ මෝඩ ටීවී එකෙන්.."

සේහි එහෙම කියලා නැගිටලා ටීවී එකට ආපහු පස්සත් දික් කරලා කිචන් එකට ගියේ තේහ්‍යුන්ට බොන්න සොෆ්ට් ඩ්‍රින්ක් එකක් අරගෙන එන්න. තේහ්‍යුන්ට වුන දේ එකපාරටම තේරුම් ගන්න බැරි වුනත් මොහොතකින් වුනේ මොකක්ද කියලා තේරුන නිසා තනියම හිනා ගියා.

' හනේ.. මෙහෙමත් කෙල්ලෙක්!' ඔහුගෙ හිත අන්තිමට කිව්වෙ එහෙම.

සේහි කිචන් එකට ගිහින් ඩබල් ඩෝ කබඩ් එකක් සයිස් රීෆ්‍රිජිරේටර්ස් දෙකක් තියන කෝරිඩෝ එකේ පළවෙනි රීෆ්‍රිජිරේටර් එක ඇරලා ඇතුලට ඔලුව දැම්මා. අරවයි මේවයි ගොඩයි. එතනින් සේහි කවමදාවත් දැකලා නැති ජාතිත් තිබ්බත් ඒක එහෙම නෙවෙයි කියලා රගපාන්න එයාට පුලුවන් වුනා මොකද ඒ හැම පැක් එකක් උඩම සීල් කරපු ලේබල් එකක් අලවලා තිබුන නිසා.

' තේහ්‍යුන් ඔප්පා මොනාටද දන්නෙ නෑ කැමති..?' ඇය එහෙම කල්පනා කලේ රීෆ්‍රිජිරේටර් එකෙන් ඔලුව එලියට ගන්න ගමන්.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now