~~~~~~~~~~

" පොඩි මැඩම්.."

" ඕ අජුම්මා..?"

" මැඩම් දැන් දහයටත් ළගයි.. මැඩම් කාලා ඉන්නකො.. බඩගිනියි නේද..?"

" හරි අජුම්මා.. ටේබල් එකට අරින්නකෝ.. මන් ඉක්මනින් චේන්ජ් කරන් එන්නම්.." සේහි පොරවන් හිටපු බ්ලැන්කට් එක කකුලෙන් බිමට තල්ලු කරන ගමන් එයාට ආවේනික වුන විඩාබර කට හඩෙන් කෑ ගැහුවා.

" හොදයි මැඩම්.."

තමන්ගෙ.. නෑ.. ඒ දෙන්නටම එක වගේ අයිතිය තිබුන ලොකු මාස්ටර් බෙඩ් රූම් එකට සේහි ගෙස්ට් රූම් එකේ ඉදන් ආවෙ තනියම. එයාගෙ හිතේ තිබුනෙ කාටවත්ම කියලා ඉවර කර ගන්න බැරි තරමෙ දුකක්.

දේයන්..

ජොන් ජන්කුක්..

මේ හැම කෙනාම තමන්ගෙ ජිවිතේට සරදමක්ම විතරයි කියලා සේහි තත්පර ගානක් ඇතුලත තේරුම් ගත්තා. කොහොම කොයි දේ මොන වෙලාවෙ තේරුම් ගත්තත්.. දුක කියන්නෙ දුකටමයි.. ඒ දුකේ ස්වභාවය කොයි විදිහ වුනත් ඒ දෙකෙන්ම වෙන්නෙ හිත රිදෙන එක මිසක් හිත හැදෙන එක නෙවෙයි..

කාමරේට ගිය සේහි එකදිගට පැයක් ඇඩුවා. ඔව්.. හරියටම පැයක්.. ඕනිම නම් වැඩියෙන් තව විනාඩි ගානක් යන්න ඇති. ඒ කදුලු වල තිබ්බ වේදනාව මට මෙතන වචන වලින් පැහැදිලි කරන්න තරම් දක්ශ කමක් නෑ කියලා මන් ප්‍රත්‍යක්ශ කරනවා. මන් හිතන්නෙ නෑ මන් ඇරෙන්න කොච්චර දක්ශ ඕතර් කෙනෙක් මෙතන හිටියත් ඒ දුක වචන වලට හරවන්න හැකියාවක් තියෙයි කියලා.

අඩලා අඩලා තමන්ගෙ කදුලු හිගයි කියලා දැනුන ගමන් ජොන් සේහි ඒ විශාල යහන මත තනියෙන් බ්ලැන්කට් එක ඇතුලට ගුලි වුනා. ඇය දැනන් හිටියා ආපහු කවමදාවත් ඇයට ඒ ආදරේ උණුසුම විදින්න ලැබෙන්නෙ නැහැ..

' යේරා..'

' මට පුලුවන් නම් ඔයාට ජොන් යේරා කියන නම දෙන්න..'

සේහිට අන්තිමට නින්ද යනකලුත් හිතේ තිබ්බෙ ඒ වචන කිහිපය විතරයි.

කෙල්ල ආපහු ඇහැරුනේ අජුම්මා කතා කරපු හඩට. එයා අජුම්මට උත්තර දීලා වෙලාව බැලුවා. ඔව්.. අජුම්මා හරි.. රෑ දහයත් පහුවෙලා. සමහර විට දැන් ජොන් ජන්කුක්ගෙ " යේරා" යන්න ගිහිනුත් ඇති.. ඉතින්.. මට මොකද..? එහෙම හිතාගෙන සමච්චල් හිනාවක් මුහුනට නගාගෙන සේහි ඒ මාස්ටර් බෙඩ් රූම් එකේ ඇටෑච් බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන චේන්ජ් කලා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now