ඔයාලා දන්නවද ලිලී මල් ගැන..? ඒවා රෝස මල් වගේ නෙවෙයි. ලිලී මල් වලට තියෙන්නෙ එයාටම ආවේනික ගතිගුන.. අන්න ඒ වගේ තමයි සේහි සේහිටම ආවේනික වෙන්න පටන් ගත්තෙ. ලිලී මලක් දිහා බලන්න.. ඔයාට දකින්න ලැබේවි සේහිගෙ ප්‍රතිරූපේ හරියටම..

~~~~~~~~~~

" ජොන් ජන්කුක්....!!!!!"

.

.

.

.

කතා කලේ ජොන් තේහ්‍යුන්. කෙලින්ම කිව්වොත් ජන්කුක්ගෙ හ්‍යුන්ග්.

" හ්‍යු..න්..."

ජන්කුක්ට බය වෙන්න එතන කිසිම හේතුවක් තිබුනෙ නැහැ. මොකද ජොන් තේහ්‍යුන් කියන්නෙ සර් ජොන් වගේ නෙවෙයි. හරියටම කිව්වොත් ජන්කුක්ගෙ හොදම යාලුවට සමාන කෙනෙක් ඔහු. ඒ වුනත් අද කවමදාවත් නැතුව ජන්කුක් තේහ්‍යුන්ගෙ ඒ ආමන්ත්‍රණයට බය වුනා.

" මොකක්ද මෙතන වෙන්නෙ කුක්..?"

තේහ්‍යුන්ගෙ හඩේ කිසිම කේන්ති ගතියක් නොතිබුනත් ඒ කටහඩේ තිබුන තර්ජනාත්මක ප්‍රශ්නාර්ථය නොතේරෙන්න තරම් මෝඩකමක් ජන්කුක් ලග තිබුනෙ නැහැ.

" තේ ඔප්පා.." ජන්කුක්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වුන තේහ්‍යුන්ට පිලිතුර ලැබුනෙ යේරගෙන්. ඒ නිසාම ඔහු ඒකෙන් සෑහීමකට පත් වුනේ නැහැ.

" කුක් මන් ඔයාගෙන් ඇහුවෙ..!?"

" හ්‍යුන් මන්..!"

" ජොන් ජන්කුක්..! ඔයා දැන් මැරි කරලා ඉන්නෙ.. ඔයාගෙ ස්පවුස් ඉද්දි ඔයා මේ වෙලාවෙ කොහෙද යන්නෙ.. අනිත් එක ඔයාගෙ එක්ස් එක්ක..?" තේහ්‍යුන්ගෙ ඇස් වල තිබුන තර්ජනාත්මක බව ඒ ඇස් වල තද දුබුරු චොක්ලට් පාට නිසා තවත් වැඩි වෙලා පෙනුනා.

" සමාවෙන්න හ්‍යුන්.."

" සමාවෙන්න..! තමුන්ට එච්චරද කියන්න තියන්නෙ කුක්..?"

" ඔප්පා.. මේ අහන්න.. මමයි එයාව.."

" තමුන් හොදට මතක තියා ගන්න මිස් යේරා.. ආපහු මෙහෙම දෙයක් වුනොත්.. නැහැ.. මෙහෙම දෙයක් වෙලා මට හරි මම්ට හරි අහු වුනොත් අපිට නරක මිනිස්සු කියන ටැග් එක ගහන්නෙපා.."

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now