චෑන් දැන් විනාඩි දහයක් විතර තිස්සේ vibrat වෙන එයාගේ 4න් එක අතට අරගෙන පුදුම තරම් වේගෙන් පොලවේ ගැහුවා..4න් එකේ කෑලි හතර වටේම විසික් වෙලා ගියා... ඒ මුණ ඇස් රතු වෙලා කේන්තියෙන් පුපුරු ගහනවා.... ඒ ඇස් වලින් දුක වේදනාව කලකිරීම විතරක්‌ නෙමෙයි රැවටීමත් දොරේ ගලනවා...දකින ඕන කෙනෙක්ගෙ හිත ගැස්සුනේ නැත්තම් බොරු.....

"තමුන්ල මෙච්චර කල් මාව රැවට්ටුවේ ඇයි කියනවා... Kyung hee තමුන්... තමුන් නිසා මන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා. තිරිසනෙක් වුණා.. අර කෙල්ල අර ඇඳේ විදවන්නේ උබට මන් පිස්සෙක් වගේ ආදරෙ කරපු නිසා... ඒත් උබ.... උබට කිසි ගානක් නැ මන් ගැන.. මන් අන්තිම පාරට උබව බදාගන්න බැරි වෙච්ච එකට කොච්චර හිතින් විදෙව්වද.. මිනියවත් බලාගන්න බැරි වුණ එකට කොච්චර පසු තැවුනද... ඒත් උබ..... හැමෝම සෙල්ලමකට අරගත්තා....

එතකොට උබ... බේක්‌ උබ තමයි මෙතන ලොකුම වැඩකාරය නේද.... මගේ ලගම ඉදන් මගේ සහෝදරයා වගේ ඉදල.... මගේ හැමදේම නැති කලා නේද... උබට තිබ්බා මට කෙලින් කියන්න.. උබට තිබ්බා මට කෙලින් කියන්න බැරිනම් අගවන්නවත්.. ඒත් උබ මගේ ඇගේ ඉදන් කන කෑවා... තොපි ඔක්කොම මාව විනාස කලා.... උබට අමතක වුණා අපි තුන්දෙනෙක් හිටිය කියලා... උබ කලේ මොකක්ද කියපන්... උබ කලේ  මාව VJ ට පාවදුන්නා.... ශික්..... මේ ඔක්කොම... ඇයි මටම.....

චෑන් මෙච්චර වෙලා හිතේ තියන් හිටපු හැමදේම හරි ඉක්මනින් කියාගෙන කියාගෙන යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෑන් මෙච්චර වෙලා හිතේ තියන් හිටපු හැමදේම හරි ඉක්මනින් කියාගෙන කියාගෙන යනවා.... ඔව් චෑන් මෙච්චර කල් මුලාවකට අහු වෙලා හිටියේ....චෑන් පුළුවන් තරන් හයියෙන් කෑ ගහ ගහ අඩනවා.... එයාට මතක නැ එයා ඉන්නේ  ඉස්පිරිතාලේ කියලා.... Kyung hee චෑන්ගෙ අත අල්ලගෙන හැමදෙම පැහැදිලි කරන්න හදනවා.... බේක්‌ අනිත් පැත්තේ ඉදන් චෑන්ට මොන මොනවදෝ කියවන් යනවා... ඒත් චෑන් නෙමයි ඒ දේවල් කනකටවත් ගත්තේ...එයා ලගට එන හැමෝටම බැන බැන එයා අඩනවා.... හොස්පිටල් එකේ ඉන්න හැමෝම මේ දිහා අමුතු විදිහට බලන් එහාට මෙහාට යනවා.... මේ දේවල් කෙනෙක්ට ඉවසන්න බැරිව හිටියේ.... තව පොඩ්ඩකින් මෙතන ලොකුම ලොකු විනාසයක් වෙනවා කියලා එයාට ඉවෙන් වගෙ දැනුනා....

#im not fine 💔Where stories live. Discover now