හ්ම්ම්...... එදා සිද්ද වෙච්ච දේ ආපහු මන් ඉස්සරහ මැවී මැවී පෙන්න ගත්තා......

Flash Back..

Author Pov

චෑන් රාමෙන් එක තම්බන්න තිබ්බ උනු වතුර එක සම්පුර්ණයෙන්ම කිසිම හිතක් පපුවක් නැතුව චෑන් ටාලියගෙ ඇගට හැලුවා.... ටාලියා වේදනාවෙන් කෑ ගහන දිහා චෑන් හිනා වේවි බලන් හිටියා... ඒත් එක්කම ඉස්සරහ දොරත් ඇරන් ඇතුලට ගෑනු කෙනෙක් ආවා... ඒ කෙනා දුවගෙන ආපු ගමන් ටාලියව අල්ල ගද්දිම ටාලියට සිහි නැති වෙලා ඒ කෙනාගේ ඇගට වැටුනා.... ඒ ගෑනු කෙනත් ටාලියව අල්ලාගෙන  හයියෙන් අඩන්න ගද්දි තමයි චෑන් හරි සිහියට ආවේ.....

"කවුද තමුන්... කවුද තමුසෙට මේ ගෙ ඇතුලට එන්න අවසර දුන්නේ අහ්හ්හ්... අතාරිනවා ඕකිව....."

චෑන් ඒ ආපු ගැනු කෙනා ලගට ඇවිත් එයාගේ වැලිමිටෙන් අල්ලලා ඉස්සුවා..

" ඔයා මන් ගැන හොයන්න කලින් මේ කෙල්ලව ඉස්පිරිතාලෙකට එක්කන් ගියානම් හරි නේද ලෝයි... "

ඒ කටහඩ ඇහුනු ගමන්... චෑන් ගැස්සිලා ගියා... ගැස්සුනා නෙමෙයි එයා පුදුම වුනා.... චෑන්ට හිතාගන්න බැරි වුනා... ඒ කටහඩේ අයිතිකාරි..... ඒ.... එයා....... මොකක්... ලෝයි..... ලෝයි කියලා නේද කිවුවේ....

"කිම්හී.....මේ.... මේ...... ඔ... ඔ... යා.......ද.....ඔයා.... කොහොමද.... මේ......"

ඔව්... ඒ එතන හිටියේ.. මෙච්චර කල් මැරිලා  කියලා හිතන් හිටපු එයාගේ පලවෙනි ආදරය..කිම්හි.. ඒත් එයා කොහොමද ජිවත් වෙන්නේ? එයා කොහොමද ටාලියා අදුරන්නේ? එතකොට එයා කොහොමද මේ ගෙදර දැනගත්තේ... චෑන්ගෙ ඔලුවේ ප්‍රශ්න ගොඩක් මැවෙන්න ගත්තා.. ඒත් එක්කම තුන්වෙනි පාරටත්  ගෙදර දොර ඇරුනා.. ඒ ආවේ වෙනකවුරුත් නෙමෙයි VJ.. VJ විතරක්‌ නෙමෙයි එයාගේ පස්සෙන් බේක්‌ එක්ක සේරි ආවා... VJ ගෙ ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ.. ඒ තරම් කේන්තියට ඒ ඇස් දිලිසෙනවා.....චෑන්  අතත් මිටිමොලාවන් VJ පැත්තට යන්න හදද්දීම කියුන්ග් හී ආපහු පාරක් හයියෙන් කෑ ගැහුවා....

" තමුසෙලා ඔක්කොම බලන් ඉන්නේ මේ කෙල්ල මැරෙනකම්ද අහ්හ්හ්... මේ ලමයව ඉක්මනට හොස්පිටල් එකට අරන් යනවලා... මේ කෙල්ල මෙහෙම විදවන්න ඕනි කෙනෙක් නෙමෙයි... චෑන්යොල් මන් තමුසෙව ඉතුරු කරන්නේ නැ ටාලියාට මොකක් හරි වුනොත්..."

#im not fine 💔Donde viven las historias. Descúbrelo ahora