" ඕකේ.. එහෙම කතා කරන්න අමාරුයි නම් මොකුත් නැතුව කතා කරන්න.. එතකොට ඔයාට ලේසියි.. ඕකේ?"

" ඕකේ.."

" මම් හැමදේම රෙඩි කරලා.. මට තියෙන්නෙ ඩෙකරේශන්ස් විතරයි.."

" ඕකේ.."

" ඔයා වෙඩින්ග් ඩ්‍රෙස් එක බැලුවද සේහි.. මන් හිතනවා කුක් ඔයාව ඊයෙ එක්කන් ගියා කියලා.."

" නැහැ.. සමහර විට අද වෙන්න ඇති.."

" මේ අහන්න සේහි.. ඔයා සතුටින් නෙවෙයි.. එහෙම නේද..?"

" මන් සතුටින් නොවුනත් මේ කිසි දෙයක් ආපහු ආපස්සට ගන්න බැහැ නේද..?"

" ඔව්.. ඒක නිසා තමයි මන් ඔයාට කිව්වෙ ඔයා කාලයත් එක්ක මේ හැම දේටම පුරුදු වෙයි කියලා.."

" මට තේරෙනවා.."

" හිනාවෙන්න සේහි.. ඔයාගෙ ලස්සන නැති කර ගන්නේපා ඔහොම ඉදලා.." සේහි ලාවට හිනා වුනා. ඇත්තටම වෙන කරන්න දෙයක් නොතිබුන නිසා.

" ලස්සනයි.."

" ආ..?"

" ඔයාගෙ හිනාව ලස්සනයි.."

" ස්තූතියි.." සමහර විට අනිත් ගෑනු ලමයින්ගෙ වගේම සේහිගෙ කම්මුලුත් ඒ වෙලාවෙ රතු වෙන්න ඇති.

" මේක ඔයාගෙ වෙඩින්ග් එක.. නෝප්.. මේක ඔයාලගෙ වෙඩින්ග් එක. ඉතින් ඔයා ආස දෙයක් තියනවද සේහි..?"

" නෑ තේහ්‍යුන්ශී.. අයි මීන් ඔප්පා.. ඔයාලා කැමති විදිහට හැම දේම ඇරේන්ජ් කරන්න.."

" අඩුම තරමෙ ඩෙකරේශන් ටයිප් එකවත්..?"

" නැහැ.. කිසිම දෙයක් නැහැ.."

එහෙම කියපු සේහි ආපහු යන්න හැදුවත් ආපහු නැවතුනේ කලින් නුපුරුදු වෙලා තිබුනත් දැන් හුරුපුරුදු වුන තේහ්‍යුන්ගෙ කටහඩ නිසාමයි.

" සමහර විට මට මේක ඔයාට කියන්න ආපහු වෙලාවක් එන එකක් නැහැ සේහි.."

" කියන්න.. මොකක්ද ඒ..?"

" ජන්කුක් සමහර විට ඔයාගෙ වෙන එකක් නැහැ.. ඒ වුනත් ඔයා උත්සාහ කරන්න කුක් ඔයාගෙ කර ගන්න.. ඒක ඔයාගෙ වගකීමක්.."

තේහ්‍යුන් කිව්වෙ අමුතු කතාවක්. සමහර විට කිසිම තේරුමක් නැති.. ඒ වුනත් සේහිට ඒ ගැන තේරෙන්න ඇති.. සේහි ඔලුව උඩට පහලට කලේ ඒ නිසා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now