🐹: ඉන්න මං ගිහින් කතා කරන්නම්. මොනා වුනත් පව් නම්ජුනා..

🐱: ඉන්න හ්‍යොං.. යන්න එපා. මම ඌට දොස් කියන්නැ. මෙ හැමදේම උගෙ හිත හොදකම නිසා. ඒ කෙල්ලව මට අල්ලන්නෙම නෑ. බලපං දවසකින් මෙහෙම වෙනසක්. නිකන් ඉන්න ජින් හ්‍යොං. යන්න එපා. ඌ කැමති දෙයක් කරපුදෙන්..

🐹: ඒත් යුංගියා...

🐱: ඊයෙ හොබියගෙ හිත කොච්චර රිදුනද හ්‍යොං. අපි අවුරුදුගානක් තිස්සෙ එකට හිටපු උන්.. එකට කාපු බීපු උන්. කෙල්ලෙක් නිසා ඌ අද මෙතනට ආවෙ නෑ කියන්නෙ නම්ජුන් වෙනස් වෙලා කියන එක.. ඌටම හැදෙන්න ඉඩ දෙමු. ඔය ප්‍රශ්නවලට අපි මැදිහත් වුනොත් තව මොනා වෙයිද දන්නෑ. දැන් කමු..

යුංගි කෑම කන්න පටන් ගත්ත නිසා අනිත් කොල්ලො ටිකත් සද්ද නොකර කන්න පටන් ගත්තෙ තවත් යුංගි එක්ක කතා කරලා වැඩක් නැති නිසා..



🥀

කාලා ඉවර වෙලා හැමෝම සෝෆා එකෙන් ඉදගෙන තම තමන්ගෙ වැඩ කරන්න පටන් ගත්තා. මේ අතරෙ සූහි ගියෙ ගාර්ඩ්න් එකෙ ටිකක් ඇවිදින්න කියලා හිතාගෙන.. යද්දි පැත්තක තිබුන බෙන්ච් එකක් ළඟ අජුම්මා ඉදගෙන කල්පනා කර කර ඉන්නවා දැකපු නිසා කෙල්ලගෙ මූනෙ සිහින් හිනාවක් ඇඳුනෙ ඉබේටමයි..

අජුම්මා.... ආ දවසෙ ඉදන් නිහඬ චරිතයක් වුනාට ඒ චරිතය හරි කරුණාවන්තයි. ආදර බරයි.. ජංගුක්ගෙ කරුණාවන්තකම නිසාම අජුම්මට ගෙදර ලොකු වැඩක් කරන්න කොල්ලා ඉඩ දුන්නෑ.. ඒ වගේම තමන්ගෙ ඔම්මට පස්සෙ තමන්ට පුතේ කියලා හරි ආදරණීයව කතා කරන පලවෙනි කෙනා අජුම්මා නිසා ජංගුක්ට අජුම්මා ගැන තිබ්බෙ අසීමිත ආදරයක්.. ගෞරවයක්..

සූහි ගෙදරට ගොඩ වුන දවසෙ ඉදන් සූහි එක්ක හිනා වෙනවට අමතරව අජුම්මා සූහි එක්ක කතා නොකරපු තරම්.. ඒත් සූහි අනන්තවත් දැකලා ඇති... කෙල්ල දිහා අජුම්මා හොරෙන් හිනා වෙවී හරි ආදරෙන් බලන් ඉන්න හැටි..

ටිකක් වෙලා අජුම්මා දිහා බලන් හිටලු කෙල්ල අජුම්ම ලගට ගියෙ අජුම්මා එක්ක ටිකක් කතා කරන්න..

💖: අජුම්මා.....

කල්පනා කර කර හිටපු අජුම්මා ගැස්සිලා ගියෙ කෙල්ලගෙ කටහඬ ඇහිලා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now