ගාඩ් කෙනෙක් කිව්ව කතාව අහලා නිදි කිර කිරා හිටපු බ්‍රයන් බෙඩ්ශීට් එකත් පැත්තකට විසිකරලා දුවගෙන ගියෙ තමන්ගෙ mansion එකෙ දොර ළගට.. කලින් වගේම ලේයින් පෙඟිච්ච කාඩ් බෝඩ් පෙට්ටියකුත් ලෝරා එක්ක ගිය ගාඩ් බව අදුරගන්න පුලුවන් බොඩි එකකුත් බ්‍රයන්ගෙ ඇස් ඉස්සරහා තිබුනා.

ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා බ්‍රයන් ගාඩ් දෙන්නෙක්ට අණ කලේ එදා වගේම කාඩ් බෝඩ් පෙට්ටිය රූම් එක ඇතුලට ගෙනියන්න කියලා. ඒ වගේම බොඩි එක පුච්චලා දාන්න කියලා..

ටික වෙලාවකින් කාටවත් කාඩ්බෝඩ් පෙට්ටියට අතක් තියන්න නොදී බ්‍රයන් තමන්ගෙ අතින්ම කාඩ්බෝඩ් පෙට්ටිය විවෘත කළේ හිත යටින් ඒ ලෝරාදෝ කියන සැකෙ ඇතිව..

කාඩ් බෝඩ් පෙට්ටිය විවෘත කරනවත් එක්කම තිබුනෙ එදා වගේම මස් ගොඩක්.. මස් ගොඩ උඩින් ලේවලින් බෙඟිච්ච කොල කෑල්ලක්. ඒ වගේම id කාඩ් එකක්..
තමන්ගෙ අත ටිකෙන් ටික වෙව්ලද්දි බ්‍රයන් මුලින්ම අතට ගත්තෙ id කාඩ් එක...

තමන්ගෙ ඇස්වල මෙච්චර වෙලා හිර කරන් හිටපු දුක බ්‍රයන් පලවෙනි වතාවට කඳුලුවලට පෙරලුවෙ තමන්ගෙ වටෙ ඉන්න ගාඩ්ලා දෙන්නවත් පුදුම කරවලා. තමන්ගෙ සුරූපී පෙම්වතියගෙ මස් ගොඩ තමන් ඉදිරියෙ බ්‍රයන්ට දකින්න ලැබුනෙ එයාගෙ කළකම් පලදුන්නා වගේ...
බොහෝම අමාරුවෙන් කඳුලු පාලනය කරගෙන බ්‍රයන් ලේවලින් පෙගුන කොල කෑල්ල අතට ගත්තා...

Brian.. දැන් බයක් දැනුනද.. වාහ්.. උඹෙ කෙල්ල ඒකිගෙ ජීවිතේ ඉල්ලලා කෑ ගැහුවෙ උඹේම කරුම නිසා. ඊළඟ කෙනත් ඉක්මනට ඔයා ළඟට එයි. කාඩ්බෝඩ් පෙට්ටියකින්ම..පරිස්සම් වෙයන්. මම මේ පටන්ගත්තා විතරයි. උඹ කරපුවට උඹම විඳවපං...

Someone who hate you than anything 🥀✨

  බ්‍රයන්ගෙ කදුලු පිරුනු ඇස් කෝපය නිසාම රතු පැහැ වෙන්න ගියෙ එක තත්පරයක්. කලින් සැරේ ගනන් ගත්තෙ නැතත් බ්‍රයන්ට දැන් දැනුනෙ ඒ කවුරු වුනත් තමන්ගෙ අතින්ම මරන්න තරම් කෝපයක්...

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now