මෙච්චර වෙලා මගෙ හිතට දැනුන කලබලකාරිබව කොහෙන් ගියාද දන්නෑ. ඒ ඇස්, ඒ හුරතලෙ මාව පිස්සු වට්ටනවා... ඉතින්.. කොහොමනම් මම එපා කියන්නද. ඒත් මට බයයි.. ගොඩක් බයයි. සූහි කියන්නෙ මගෙ දේ.. මගෙ වටිනාම දේ.. ඉතින් මං කොහොමද මින්හො මගෙ කෙල්ල දිහා බලද්දිවත් ඉවසන්නෙ... හෙට මම ගන්න තීරණෙන් අපෙ ජීවිත ගොඩක් වෙනස් වෙවී. සමහරවිට සූහිට ගොඩක්ම කරදර වේවී... මොන දේ වුනත් මට එයාගෙ අයිතිය , ඉගෙනීම නවත්තන්න බෑ...

මම එයාට හා කියන්න වගේ ඔලුව වැනුවා. කෙල්ල එක පාරම මාව බදාගෙන තෑන්ක් කරන්න ගත්තෙ පොඩි බබෙක් වගෙ. මීශා හොඳයි බලන් යද්දි මේ මෝඩිට වඩා...

💖: කුමාවෝ කුකී.. කුමාවෝ හාද 🥺🥺🥺 අනෙ ඇත්තමයි. ඔයා තමයි මේ ලෝකෙ හොඳම...

🐰: බටර් නොගා ඉන්නවද... මම කොහොමත් හොදයි තමා..

💖: pffff 😒 මං යනවා. නිදි මතයි. හෙට ඉදන් ලේ පෙරාගෙන මගෙ ඉස්සරහට ආවොත් පයින් ගහන්නෙ පයින්...

ඔය පටන් ගත්තෙ... එයා මගෙ මූණට එබිලා මහ ලොකු චන්ඩියා වගෙ මට කෑ ගහලා ඇඳෙන් බහින්න හදද්දිම...

💖: මාව අතාරිනවා මනුස්සයෝ....

මම එයාව ඇදලා අරන් මීශාට එහා පැත්තෙන් හාන්සි වෙලා මගෙ තුරුලට අරන් මම ඇස් පියා ගත්තා. මේ කෙල්ල චූටි පනු පැටියෙක් වගෙ මගෙ තුරුලෙන් ගැලවෙන්න හැදුවත් ඒ හීනි අත්වලට වඩා මගෙ අත් දහගුනයක් හයියයි...
ටික වෙලාවක් දඟලලා එයාම සංසුන් වුනා.. මම ඇස් ඇරලා බලද්දි එයාගෙ බෝල ඇස්වලින් මගෙ දිහා අහිංසක විදියට බලාගෙන ඉන්නවා..

ආශ්.....

මේ කෙල්ල නිසා මම කවදාහරි පිස්සෙක් වෙනවා... 🙂

🐰: මීශා බලයි ඔම්මයි අප්පයි ඇයි වෙනම ඉන්නෙ කියලා. අද ඉදන් මීශයි ඔයයි මගෙ ළඟ.. දැන් ඇස් පියාගන්නවා...






____________________________

Author pov :
Next day morning ...

" boss "

🤡: " මොකද යකෝ.. ඇයි උදේ පාන්දර"

".........."

🤡: කියපං මිනිහො.. ආශ් මුන්නම්..

" බොස්.. Mansion එකෙ දොර ඉස්සරහා ලෝරා මැඩම් එක්ක ගිය කොල්ලගෙ බොඩි එක.. ඌ කියලා හොයාගත්තෙත් හෙන ගේමක් දීලා. මූනටම ශූට් කරලා.. තව එදා වගෙ කාඩ්බෝඩ් පෙට්ටියක් තියෙනවා"

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now