මොකක්දෝ අමුතු සතුටකින් මගෙ හිත පිරිලා. මට කුකීට මගෙ ආදරේ ගැන කියන්න ඕනි. ඒ නපුරු ඇස් මගේමයි කියලා මට කියන්න ඕනි.. ඒත්... එයාට ඒක අමතක නොවෙන දවසක් කරන්නයි මට ඕනි. කොරියාවට ගිය ගමන් මම එයාට හැමදේම කියනවා...

ලෑස්ති වෙලා මම ඇවිත් කුකාගෙ කාර් එකට නැග්ගා .. එයාපෝට් එනකන් විටින් විට මයෙ සුට්ටං බන්ඩිය අඩන සද්දෙ වැඩි වෙද්දි සමහර වෙලාවට ඒක කුකාටත් ඇහුනා..
අනෙ මටනම් ලැජ්ජ නැ 😪

එයාපෝට් එකට ඇවිල්ලා ටිකකින් කව්දො මන්දා ලස්සන කොල්ලෙකුයි..පයිලට් කෙනෙක්ද කොහෙද.. ලස්සන කෙල්ලුකුයි.. එයාහොස්ට කෙනෙක් වෙන්න ඇති.. අපිව එක්කන් ප්ලේන් එකක් අස්සට ගියා..

"වාහ්...... "

මේකේ සීට්ස් හදලා තියෙන්නෙ අපි ටික දෙනාට විතරයි. අනික එදා ආපු ප්ලේන් එකට වඩා මේක වෙනස්. මරු හැබැයි 🙈

💖: ඔප්පා ඇයි අපිට විතරක් ඉඩ තියෙන්නෙ මේකෙ..

මම ඇහුවෙ ඩිම්පල් ඔප්පගෙන්. මම දැක්කා පූස් ඔප්පා කට කොනෙන් මගෙ දිහා හිනා වෙලා බලලා අහක බලාගන්නවා. අනිත් මෝඩයා යේරි. කොට ඔප්පගෙ හමට ඇලිලද කොහෙද මේකි.. මලවිකාර 😌

🐨: මේක කුකාගෙ privet plane එක චූටි..

එහෙම කියාගෙන ඩිම්පල් ඔප්පා ගිහින් පැත්තක ඉඳ ගත්තා.. මම බැලුවෙ කුකී දිහා. එයා මොට්ටයෙක් වගෙ දත් දෙකත් එලියෙ දාගෙන මගෙ දිහා බලන් ඉදලා මගෙ අතිනුත් ඇදගෙන මාව ගිහින් ඉන්දෙව්වා.. ඊටපස්සෙ එයත් ඉදගත්තා..

💖: කුකා ( රහසින්)

🐰: ම්ම්ම්..

💖: මේක ඔයාගෙද ( රහසින්)

🐰: කෝකද 🙂

💖: plane එක මොට්ටයෝ plane එක..

එයා ඔව් කියන්න මගෙ ඔලුව වනලා අහක බලාගත්තා. මේ දුප්පත් මට කවදා වාහනයක් ගන්න පුලුවන් වෙයිද... කමක් නෑ 🙂 දවසක මටත් හරියයි..

💖: ඔයා දන්නවද කුක්කෝ ( රහසින්)

මම ආයෙත් කතා කලා.. ආදරෙයිනම් එයා මෙහෙම අහක බලාගෙන ඉන්නෙ ඇයි. මටත් ඕනි කොට ඔප්පා වගෙ ලව් කරන්න 😪

🐰: ඒ පාර මොකද..

💖: මම පුට් සයිකලයක් ගන්න අවුරුදු තුනක් සල්ලි එකතු කලා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now