.
.
.
.
Flashback end..
Back to present ..

✨✨✨

මම ඇහැරෙද්දිත් සූහි මගෙ තුරුලෙ හොදටම නිදි.. පුලුපුලුවන් විදියට කෙල්ලට නොදැනෙන්න මගෙන් ඈත් කරවලා මම ගියේ වොශෲම් එකට ...

සීතල වතුර බිංදු මගෙ ඇගෙන් පහලට යද්දි ඇඟට දැනෙන්නෙ පුදුම නිදහසක්. ඒත් හිත...
එක අතකින් සූහිට මගෙ ආදරේ ගැන කිව්ව එකට සන්සුන් බවක් දැනෙද්දි කොරියාවට ගිය ගමන් මට කරන්න තියෙන සමහර දේවල් ගැන මතක් වෙද්දි දැනෙන්නෙ හිතට හරි අපහසුවක්..

වොශෲම් එකෙන් එලියට එද්දි කෙල්ල ඇදෙ ඉදගෙන ඇස් කස කස ඉන්නවා ..මම හිතන්නෙ දැන් ඇහැරෙන්න ඇත්තෙ..

🐰: ඒයි..

මම එයාට කතා කලා.. මගෙ කටහඬ ඇහුන ගමන් එයා බාගෙට වැහිච්ච ඇස් දෙකෙන් කටත් උල්කරගෙන මගෙ දිහා බැලුවා..

අල්ලලා මිරිකන්න හිතයි මට 🙂 ( මූණ 😪)

🐰: දැන් ගිහින් හොඳට වොශ් එකක් දාගෙන ඇදුමක් දාගෙන සූට්කේස් එකත් අරගෙන එන්න .. ගෙදර යන්න ඕනි නැද්ද.. Flight එකෙන් breakfast ගන්න පුලුවන්නෙ. .

💖: තව දවසක් මෙහෙ ඉන්න බැයිද 🙂🙂 නෑ මං කිව්වෙ මට සිප්පිකටු ටිකක්වත් ඇහිදගන්න බැරි වුනා 🙂

🐰: ආශ් මේ මෝඩි 😂😂😂 ගිහින් ඇඳගෙන එන්න. මීශා පාලුවෙන් ඇත්තෙ..

මීශා ගැන කිව්වා විතරයි බෙඩ්ශීට් එකත් පැත්තකට විසික් කරලා කෙල්ල කොටේජ් එකෙන් එලියට දිව්වෙ යකෙක් වැහිලා වගෙ 😂

_______________

Time passed:
Suuhi pov:

✨✨✨✨✨


මීශා ගැන කුකා කිව්වා විතරයි මෙච්චර දවස් බෝරා බෝරා අතෑරලා යන්න ලෝබකරපු මට ඉක්මනට ගෙදර යන්න ඕනි වුනා.. අනික් දේ.. කුකා මට ආදරෙයි කිව්වා..

ඒ වචන ටික අහද්දි මගෙ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙද්දි ඒ ඇස් දකින වාරයක් පාසා කුකාව තුරුල් කරන් ඉන්න මගෙ හිත ලෝබකම් කරද්දි " නාදු සරංහේ කුකී" කියලා එයාව තුරුල් කරගන්න හදවතින්ම ආස කරද්දි මම කලේ මුකුත්ම නොකියා එයාට තුරුල් වෙච්ච එක විතරයි..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now