10)ඒ අයට වඩා

283 108 14
                                    

"ම්ම්..සමහරවිට..." එයා බිම බලාගත්තා.

"ඒක මොන වගේද?" කෙටි නිහඬතාවෙකට පස්සෙ මන් ආයෙත් ඇහුවා.

"මොකක්ද?"

"රාක්ශයෙක් වෙන එක..."

"රාක්ශයෙක් වෙන එක...ඒක හරිම ලේසියි.
ඒත් ඒ වෙලාවට තමන්ව පාලනේ කරගන්න එක ලේසි නෑ.
මට බයයි දවසක මන් එයාගෙ කටහඬට සම්පූර්ණෙන්ම යටත් වෙයිද කියලා.."

"එයාගෙ..?කවුද එයා?"

"මන් නොදන්න තවත් මන් කෙනෙක්..මගෙ සම්පූර්ණ විරුද්ධ පැත්තක් තියෙන කෙනෙක්.."

"ඔයා කොහොමද එයාව පාලනේ කරගන්නේ?"

"මන් දන්නෑ..
එයා හැමවෙලේම මගෙන් ආසාව මොකක්ද කියලා ඇහුවා. ඒත් මට එයාට දෙන්න උත්තරයක් නෑ..
ඒත් එයා ශක්තමත්..නිර්භීත..හැම කෙනෙක්ටම ඕනේ ජාතියේ කෙනෙක්..මන් වගෙ නික..." එයා කියාගෙන ගියත් මන් නැවත්තුවා.

"නවත්තගන්න!!!" මන් ටිකක් සද්දෙන් කියද්දි එයාගෙ පුදුම වුන ඇස් මන් දිහා බැලුවා.
"ඔයා නිකමෙක් නෙවේ..
ඔයා විශේෂ කෙනෙක්..අනිත් අය මොනා කිවුවත් මන් ඔයාට කියන දේ හොඳින් මතක තියාගන්න..
ඔයා වැරැද්දක් කරලා නෑ..ඔයා කවදාක්වත් වැරැද්දක් කලේ නෑ..
එළියේ හුස්ම ගන්න දාහක් මිනිස්සුන්ට වඩා ඔයා හොඳ කෙනෙක්..ගොඩක් හොඳ කෙනෙක්..
කවුරු නැතත් මන් ඒක පිළිගන්නවා."

එහෙම කියද්දි එයා කලේ මාව තදින් තුරුල් කරගන්න එකයි.

මගෙ දුහුල් ඇඳුම් අතරින් එයාගෙ ඇඟේ සාමාන්‍ය කෙනෙක්ට වඩා තිබුන ලොකු උණුසුම මට දැනෙන්න ගත්තා.

ඒත් ඒ වෙලාවේ මන් කලේ එයාගෙ පිටට තට්ටු කරන අතරේ ඇස්පියාගන්න එක විතරයි.

මොකද මේ නිහඬතාවය, ගොඩක් දේවල් අපිට තේරුම් කරලා දුන්නා..

| Monsters And People |Short Chapters| ✔Where stories live. Discover now