2)එයාලා කියනවා

584 140 5
                                    

මේ ගෙවෙන්නෙ හමුදා පාලන සමය...

වසංගතයක් වගේ මිනිස්සු රාක්ශයෝ වෙන්න පටන් අරන් දැන් ගොඩක් කල්...

ඔව්..
ගොඩක් කල්..

හරියටම අවුරුදු දහයක්..

මන් පොඩිම කාලේ,මට අවුරුදු අටක් විතර වෙන කාලේ, මන් මගෙ ඇස් වලින්ම...මිනිස්සු එයාලගෙ ආශාවල් වලින් මත් වෙලා රාක්ශයෝ වෙලා එකිනෙකාව මරාගන්න හැටි දැක්කා.

මුලින්ම සාමාන්‍ය විදිහට ජීවත් වුන මිනිස්සු එකපාරටම නහයෙන් වගේම ඇස් වලින් ලේ වැගිරිලා කලන්තේ දාන්න ගත්තා.

ඊට පස්සෙ දවසින් දවස ගත වෙලා එයාලා වෙනස් වෙන්න ගත්තා..

රූපේ විරූපි වෙලා..එක එක ශක්තීන් ලැබිලා..ලේ පිපාසයෙන් මත් වෙලා..කිසිම දේකින් විනාශ කරන්න බැරි සත්ව කොට්ඨාසයක් වුනා.

ඒත් එයාලා රාක්ශයෝ වෙලාත් එයාලවම විනාශ කරගත්තා.

මේ මොනාවුනත් ගොඩක් රාක්ශයින්ට පොදු දෙයක් තිබුනා.

එයාලා වෙස් ගත්තේ එයාලා වැඩියෙන්ම ආස කරපු දේවල් වලින්..

එහෙම නැත්තම් එයාලට ඉෂ්ට කරගන්න බැරි වුන ආසාවන්ගෙ ස්වරූපය..එයාලට කවදාක්වත් වෙන්න බැරි වුන, එයාලගෙ හිතේ හංඟිලා තිබ්බ අන්ධකාරෙ ස්වරූපය..

කලාතුරකින් සමහරු මිත්‍රශීලී වුනත්..

සමහරු ඕනෑවටත් වඩා භයානක වුනා.

මේ මොනාවුනත් රාක්ශයෙකව මරන්න පුළුවන් වුනේ එකම එක විදිහකටයි.

ඒ ගින්දර..
එයාලව අඩපණ කරලා ගිනි තිබ්බම එයාලා විනාශ වුනා.

ඒත් ගින්නෙන් අලු වෙලා යනකම්...කිසිම දේකින් එයාලාව නවත්තගන්න බැරි වුනා.

| Monsters And People |Short Chapters| ✔Tempat cerita menjadi hidup. Temukan sekarang