" මේ මනුස්සය මොන වගේ කෙනෙක්ද..හැමදේම හරි ගානට තියෙනවා... " මන් කල්පනා කර කරම හරිම නොර්මල් විදිහට ලෑස්ති වුනා. " මේ මගේ ලස්සනම දවසක් 😭 මන්  කොච්චර හින දැක්කද... එත් අන්තිමට මට වුනේ කාත් කවුරුත් නැතුව අසරණයෙක් වගේ නොදන්න මිනිහෙක් එක්ක මගේ ජිවිතේ ගෙවන්න 😭😭😭 අනේ අම්මා........."
මටත් නොදැනීම ආපහු මගේ ඇස් වලින් කදුළු වැක්කෙරෙන්න පටන් ගත්තා.....

"පොඩි නෝනා.... ලෑස්ති වෙලා ඉවරනම් දැන් පහලට යන්න ඕනි.. පොඩි මහත්තයලා ටික බලන් ඉන්නවා...."

ආපහු පාරක් අජුම්මා ඇවිත් මට කතා කරා.. මන් එක අතකින් ගවුමත් අල්ලන් කාමරේ දොර ඇරියා...

" අනේ.... ඇස් වහක් කට වහක් වදින්න එපා.. පුංචි නෝනා සුරංගනාවියක්‌ වගේමයි... අපේ පුංචි මහත්තයාගේ පිනට නොන වගේ කෙනෙක් හම්බුනේ... "

අජුම්මා මගේ කම්මුල අත ගාලා කියද්දී මගේ ඇස් වලිම් කදුළු කැට කැට කඩන් වැටුනා....

" අනේ චුටි නෝනේ අඩන්න එපා නෝනේ... මන් දන්නවා ගැනු ළමයෙක්ට තමන්ගේ ජිවිතේ වැඩි පුරම සතුටු හිතෙන දවසක් මේ දවස කියලා..අම්මා තාත්ත එක්ක සතුටු වෙන දවසක් කියලා...එත් පුංචි නෝනා තනි වෙලා කියලා හිතන්න එපා.. අපේ පොඩි මහත්තයා නපුරු පාටට හිටියට හරිම හිත හොදයි නෝනේ... නොනව පරිස්සමින් බලාගනියි පොඩි මහත්තයා.. අර සේරි නෝනා කසාද නොබදින තරමට මහත්තයට හොදයි නෝනේ...නෝනට පින් අයිති වෙනවා අපේ පොඩි මහත්තයව සතුටින් තියන්න පුලුවන්නම් 🥺🥺..... "

ඇස් වලට ආපු කදුළු එක අතකින් පිහිදපු අජුම්මා ආපහු මගේ කම්මුල අල්ලගත්ත...

" චුටි මහත්තයව පොඩි කාලේ ඉදන් බලාගත්තේ මන් නෝනා.. චුටි මහත්තය සෑහෙන්න දුක් වින්දා අම්මා තාත්තගේ ආදරෙ නැතිව.. නෝනේ.... පුංචි මහත්තයට එයාට නැති වුනු ආදරෙ දෙන්න නෝනේ... නෝනට විතරයි එක පුළුවන්.... දැන් අපි යන් නෝනේ පහලට.. මහත්තයගේ යාලු මහත්තයලා ටිකත් බලාගෙන ඉන්නවා නෝනා එනකම්....... "

අජුම්මා ඔහේ කියවන් ගියා... එයා කියපු ගොඩක් දේවල් මට තේරුම් ගන්න බැරි වුනා.. එත් චැන්යෝල් කියන මනුස්සය පොඩි කාලේ ඉදන් තනිවුනු කෙනෙක් කියලනම් හොදට තේරුනා.. හ්ම්ම්.... කමක් නැ... මේක මගේ ජිවිතේ ලියල තිබ්බ දෙයක් වෙන්න ඇති... හැමදේම වෙන්නේ හොදටනේ....

#im not fine 💔Where stories live. Discover now