..කහාපණයක්..

1.8K 214 269
                                    

සලෙලුන් කිසි දිනක නැවතුමට අතපසු නොකළා වූ එකී අලංකෘත අන්තර් ගෘහය පිටත සිට නේත්‍රයන් හෙලූ අයෙකුට වුව ලක්ෂිත රසෝදයක නියාවක් ගත්තේ වෙයි.

වාද්‍රිතයන් හා රත්‍රන් රසදිය ලෙසක් වූ මධුර ස්වනයන් අතර ශිෂ්ටාචාරික තරුණයන්'තර ප්‍රිය සම්භාෂණය මධ්‍යන් දිනයෙහි ද මෙකී ඓශ්චරිය ශාලාවෙහි සුලබ දසුනක් විය. හුදී ජනයාගේ වර්‍ණකථනට පහත් කොට නොහී මෙකී විජ්ජුල ශාලාව , වෛශ්‍යාංගනාවන් ,හා සල්ලාලයන් අත හුවමාරු වූ කහාපණයන්හි නැවතුම් ස්ථානයක් විය.

රාහ්‍යමෙර වනාහී විජ්ජුල ශාලාවෙහි අවිදිත, මධුරෝහ්‍ය අංගයක් විය. සුවහසක් නේත්‍රයන්හි ගැටී , එපමණම නේත්‍රයන්ගෙන් සැගව බොහෝ නාදලක සුබාව ගත් ලවන් රහමෙර හා හාදවනු විජ්ජුල ශාලාවෙහි සුලබ දර්ශනයක් වූයේ වෙයි.

එකී පහන් ආලෝකයෙන් නජ්වලිත තාරුකා සමූහයක් සේ දිලෙන්නා වූ අන්තර් ගෘහයෙහි මනුශ්‍ය නේත්‍රයන්ට පුළිගුගේ අලංකෘත දසුන් විය.

පළිග්‍ර මකුරවත් ඉදිරියේ සිටගත් දිවමන් කසුප් පිළිරුවක් සේ ලක්ෂිත මධුරුත ජවි කල්‍යාණියක් හා පිරිපුන් දේහයකට හිමි කම් කී සුලලිත ඉගකින් හෙබි ඔහු නේතග්‍රයෙන් හෙලූ බැල්ම පංච බාණයාගේ මින්දද හීසර පරදවන සේ තරුණියන් වශී කළේ ය. තරුණියන් පසෙක ලූ විට තරුණයන් පවා ඔහු වෙනුවෙන් සිය පසුම්බියෙහිම වූ සියලූම කහාපණ වැය කරලීමට පසුබට නොවී ය.  තරුණයන් පමණක්  නොව ඔහු සතුවූ අනන්දප්‍රද ස්පර්ශයෙන් වල්ලභයන් , වයෝවෘද්ධ මහල්ලන් ද ප්‍රහර්ෂයෙන් ඇවිලී ගියෝ ය. නිද්‍රාශීලී සීහ කේශර මදනලෙහි වැදී නිදහස් වූයේ වෙයි.

සිය සිරුරෙහි දාරයන් , නැවුම් ඉස්මතු කළ රටානුලෝචන බැලුම් හිමි කරගත් සියුම් ස්වේත කෞශය සළුව පමණක් සිය ඉණවටා එතී තිබූ වග තරුණයා දැන සිටියේ ය. රත්‍රන් පැහැ සමෙහි පැහැය අතරින් එකී සියුම් කසී සළුව සහිතව වුව ද  ඔහු දෙස කාමුක බැලුම් හෙලන්නන් වෙත ප්‍රහර්ශපුල්ල සිතු පර්ජන්‍ය ඇති කළේ ය . 

හේ වනාහී , දායාර්ධ විය.

උන් නිද්‍රාවත විසින් ඔහුගේ දුර්ලභ දර්ශනාර්භ තාම්‍ර පැහැ නයනයන් පාමුල සිත්තම් කර තිබූ විඩාව කාලවර්ණිත අදුන් ගිලගත්තේ ය. ලක්ෂාධික රද කුලීනයන් අතරින් අද දින ඔහුගේ හිමකාරිත්වය කාගේ දැයි තහවුරු වන තෙක් එකී තාම්‍ර පැහැ අහිංසක දෑස් සිය ස්වාමියාට කීකරුව බලා සිටියෝ ය.

✨-කහාපණ-✨Where stories live. Discover now