ඉතිං යීබෝ ශාන් ඉන්න තැනට ගිහිල්ලා ඒ ඇදෙන්ම ඉදගෙන නළට පුංචි හාදුවක් දුන්නෙ දරාගන්න බැරි ආදරේකින්....ඊටපස්සෙ හෙමීට ඔලුව අතගගා බලාගෙන හිටියෙ එයාව ඇහැරවන්න ලෝභකමට...ඒත් ටිකක් වෙලා යද්දි ශාන්ට ඇහැරුණා...

"මැණික ඇහැරෙව්වද මං ඔයාව😌"

"නෑ නෑ බෝදි ...ඒත් ඔයා මෙහේ😮?"

"මගේ පණ්ඩිත හාවා මාත් එක්ක තරහා වුණානෙ, ඉතිං මට හිතුණා..මං ආවා😏"

"අනේ මැණික සොරි මට දුක හිතුණනී🤧🤧🤧"

"හරි බබා මටත් සමාවෙන්න...මං ආයෙ ඒ වගේ කතා කියන්නෙ නෑ හොදද"

"හ්ම්ම්...,ඔයා දැන්ම යනවද බෝදි....?,මෙතන ඉදන් ගොඩක් දුරයිද හෙදරට?"

"තව ටිකකින් යන්නම් බනී...මෙතන ඉදන් වැඩි දුරක් නෑ ගෙදරට...ටේඕ හැමදේම බලලා Zee hospital එකටයි City hospital එකටයි සමාන දුරකින් තියන ගෙයක් තමා අරන් තියෙන්නෙ...තැන් දෙකටම ගෙදර ඉදන් විනාඩි 20ක දුර😍"

"අනේ ශෝයි බෝදි...මටත් එන්න ඕන ඔයා එක්ක😌"

"මං බබාව සනීප වෙච්ච ගමන්ම එක්කන් යන්නම්කො එහාට ම්ම්ම්"

"හලී😍😍😍"

ඔය විදියට දෙන්නම කතා කර කර ඉදලා හවස් වෙද්දි වීන්ටත් කියලා යීබෝ හෙදරට ගියා....

ගෙදරට ගියපු යීබෝ ශාන්ටත් ආවා කියලා රෑට කෑමත් හදාගෙන කාලා නින්දට වැටුණෙ පසුදින office එකේ වැඩ ටික handle කරලා hospital එකට යන්න හිතාගෙන...

ඉතිං කතාකරගත්ත විදියටම පහුවදා ජූන් ඇවිල්ලා හිටියා...යීබෝ එයා එක්ක ගිහිල්ලා මුලු office එකේම පාලනය එයාගෙ අතට අරගත්තා...ඊටපස්සෙ හැමෝටම meeting එකක් කැදවලා කිව්වෙ අද ඉදන් ජූන්ට මේ office එකේ හැම වැඩක්ම භාර දෙනවා කියලා...ඒ වගේම යීබෝත් පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා යනවා කියලත් කිව්වා...මේ ආරංචියට මුලු office එකම ගොඩාක් සතුටු වුණා...මොකද හැමෝටම ගානියගෙ යටතෙ වැඩ කරලා එපා වෙලයි තිබ්බෙ...ඒ වගේම ජූන් වගේ ප්‍රසිද්ධ කෙනෙක් යටතෙ වැඩ කරන්න ලැබුණු එකත් ලොකු සතුටක් වුණා හැමෝටම....

ඉතිං යීබෝ ජූන්ට මේ දේවල් භාරදීලා ඕනම ප්‍රශ්නයක් ජූන්ට ඉදිරිපත් කරලා විසදගෙන සහයෝගයෙන් වැඩ කරන්න කියලා hospital එකට යන්න පිටත් වුණා..ගානියා නම් මේ දිහා බලාගෙන හිටියෙ ගිනිපිටවෙන දෑසකින්....දැන් කිසිම කෙනෙක් ගානියාව සත පහකට ගනන් ගත්තෙ නෑ😁
.
.
.
කාලය ඔහොම සාමකාමී විදියට ගතවෙලා ගිහින් ශාන්ව ගෙදර එක්කන් යන දවසත් ආවා...හරියටම සති 2ක් ශාන් hospital නවත්තලා හිටියා...මේ කාලය ඇතුලත යීබෝ හැමදාම හවසට ටේඕ එක්ක හරි තනියම හරි ශාන්ව බලන්න ආවා...අද එයාගෙ ටිකට් කපන නිසා යීබෝ,ටේඕ ,රූහි අක්කා වගේම වීනුත් හිටියෙ ගොඩාක් සතුටින්...මේ වෙද්දි රූහි අක්කත් එක්ක යීබෝ ගොඩාක්ම fit වෙලා තිබ්බා...ශාන් ඉතිං නිතරම අක්කට නෝක්කාඩු කිව්වෙ එයාව අමතක වෙලා යීබෝ නිසා කියලා...ඒත් ඇත්තටම ශාන් හදවතින්ම සතුටු වුණා යීබෝ අක්කත් එක්ක එකතු වෙච්ච එකට...

Give My Heart Back (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu