ඒ විදිහට සන්සුන්ව හිම වැටුනත් එදා අපිට ගොඩක්ම සන්සුන් දවසක් වුනා කියලා කියන්න නම් බැහැ. මොකද අපේ ඒ සීතල රැය උනුසුම් කරමින් ගෙවපු පැය ගාන ඉක්මනින් ගෙවිලා ගිහින් ඊලග උදේට පහන් වුනා.

[ A phone ringing.. ]

දේයන්ගෙ ෆෝන් එක රින්ග් වුනත් එයා එයාගෙ පපුව උඩ තිබුන මගේ හිස අයින් නොකරම තමා ඇමතුමට උත්තර දුන්නේ. මන් දන්නවා එයා එහෙම කලේ අපි දෙන්නට එකට ඉන්න තිබුන තත්පරයක් පවා එයාට නැතිකර ගන්න ඕනි වුනේ නැති නිසා කියලා.

" හෙලෝව්.."

" ...."

" හරි ඔයාලා පටන් ගන්න.. මන් එන්නම්.."

එයා එහෙම කියලා ඇමතුම විසන්ධි කලා. මන් දැනන් හිටියා එයා ඊලගට දෙන උත්තරේ මොකක්ද කියලා.. ඒ නිසා මන් එයාට තවත් තදින් තුරුලු වුනා..

" බේබි.. මන් දැන් යන්න ඕනි.."

ඔව්.. මන් බලාපොරොත්තු වුන උත්තරේම එයා දුන්නා.

තත්පර ගානක හාදුවකින් පස්සෙ විනාඩි ගානක් යනකොට එයා අපි ජීවත් වුන අපාර්'ට්මන්ට් එකෙනුත් පිටවෙලා තිබුණා.

අපි දෙන්නා ජීවත් වුනේ මගේ අපාර්'ට්මන්ට් එකේ. මගේ කිව්වත් දැන් ඒක අපේ. අපේ අපාර්මන්ට් එක ගොඩක් ලොකු, ඒ වගේම සුඛෝපභෝගී එකක්.. එයා ජීවත් වුන අපාර්මන්ට් එක විකුනලා දේයන් මාත් එක්ක ජීවත් වෙන්න ආවෙ අපි දෙන්නගෙ සම්බන්දෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ. ඒ වෙනකොටත් අපි වෙඩින් එකට ඩේට් ෆික්ස් කරලා. එහෙම වුනත් වෙඩින් එකේ වැඩ වලට අවදානය දෙන්න පුලුවන් වුනේ මට විතරයි. මොකද එයා හැමවෙලාවෙම බිසි වුන නිසා. අපි දෙන්නගෙම වාසනාවට වෙන්න ඇති ඒ වෙනකොට මට මාස තුනක දිග නිවාඩුවක් ලැබිලා තිබුනෙ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් එන්නෙ නැතුව පුලුවන් මට පුලුවන් වුනා අපේ වෙඩින් එකේ වැඩ ගැන බලා ගන්න.

දේයන් පිටවෙලා ගියාට පස්සෙ පැයක් විතර මන් ආපහු නිදා ගත්තා. නැගිටින්න විඩාබර ගතියක් තිබුනත් මට නැගිටින්නම වුනා. මොකද එදා මට ශොපින් මෝල් එකට යන්න තිබුන දවසක්. ඒ බඩු ටික ඉක්මනින්ම මට ගන්න ඕනි වුන නිසා ගත්තු පාන් පෙත්තෙනුත් භාගයක් කටට අරගෙන මන් ඉතුරු ටික වහලා තියලා ඇගට අහුවුන ඇදුමක් එක්ක මාස්ක් එකත් දාගෙන එලියට බැස්සා.

STILL WITH YOU | JJK AU | ✔️Where stories live. Discover now