__jungkook pov__
" අනේ පැටියෝ ඔයා මට බයවෙන්න ඕනේ නෑ... " හොද ඩොක්ටර් මගේ කම්මුල් මිරිකලා කිව්වම මට දැනුනේ මගේ කම්මුල් රත් වෙනවා වගේ.. ඇයි අනේ මෙයා මට පොඩි එකෙක්ට වගේ සලකන්නේ?? මෙයා දන්නේ නැද්ද මට දැන් වයස දාටයි කියලා... හුම්...
" ම්ම්ම්.. එන්නකො ඔයාව මං උස්සගන්න..." මේ..මේ මොකක්ද මෙයා මේ කරන්න හදන්නේ?? ඇයි මේ මාව වඩාගන්නේ.... අ...අනේ එයා මාව වඩාගෙන බැල්කනි එකේ වැට ලගටම ගියා... මාව මෙතනින් පහලට තල්ලු කරයිද??? අනේ මට දැන්මම මැරෙන්න බෑ.... බයටමද මංදා මගේ ඇස් වලින් කදුලු ආවා....
" ඒ... පැටියෝ... ඇයි මේ අඩන්නේ?? " එයා ගොඩක් කලබලෙන් වගේ මගෙන් ඇහුවා.. ඒත් ඇයි එයා එච්චරටම කලබල වෙන්නේ?? මංනේ අඩන්නේ.. හුම්.. මමයි මෙතන බයවෙලා ඉන්නේ...
" අ...අනේ...ම්...මාව..බිමට... දාන්න එපා." මං එහෙම කිව්වම එයා මහ හයියෙන් හිනාවුනා.. මේ මුනුස්සයට පිස්සුද මංදා..
" හහ් හහ් හා... අයියෝ... පැටියෝ... මං ඇතුලට එද්දී දැක්කා ඔයා බෙල්ල උස්ස උස්ස නම්සන් ටවර් එකේ පහල බලන්න ට්රයි කරනවා... ඒකයි අනේ මං ඔයාව උස්සගත්තෙ... දැන් බලන්නකෝ අර ඔයාට පේනවද??? "
ආහ්... ඒකටද?? අම්මෝ මං බයවෙච්ච තරමක්... හොද ඩොක්ටර් හරි හොදයිනේ...... එයා පෙන්නපු නිසාම මං පහල බැලුවා......
අනේ ඇත්තටම ලස්සනයි.. මං වෙනදට බැල්කනි එකෙන් ඈතින් යන වාහන.. එතකොට ඈත තියෙන ගෙවල් හෝටල් දැක්කට අද තමයි හරියටම බිල්ඩින් එක පහල තියෙන් දේවල් දැක්කේ... නම්සන් ටවර් එක පහල හරිම ට්රැෆික් එකනේ... කූඹි රැළක් පේලියට යනවා නගෝ වාහන එකක් පිටිපස්සේ එකක්.. සමහරක් අය බයිසකල් පැදගෙන යනවා.. සමහර අය පයින් යනවා.....
( A/N : ඒ කොරියාව හොදේ ලංකාව නෙවෙයි... )
" ලස්සනයි!! " හොද ඩොක්ටර් කිව්වා
" ඔව් නම්සන් ටවර් එකනම් ගොඩාාාාක් සස්නයි... " ඇත්තටම ඒකනම් මාර ලස්සනයි මං අත් දෙකත් දික් කරගෙන කිව්වෙ ඒ ලස්සනේ ප්රමාණය ඩොක්ටර්ට කියන්න ඕනේ නිසා..
" මං කිව්වේ ටවර් එක ගැන නෙවෙයි.. " ටවර් එක නෙවෙයි.. එහෙනම් පහල ට්රැෆික් එකද දන්නෙ නෑ..කොහොමත් මෙයාට පොඩ්ඩක් වයර් ශෝට් එකක් තියෙනවා වගේ...