ආකී

852 206 71
                                    

https://www.facebook.com/groups/1324797047869747/permalink/1425012194514898/

ආකී last episode
💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

උදේ මං ඇහැරුනේ කම්මුලට දැනුන රස්නයක් එක්ක,  ඇස් ඇරලා බලද්දි මං දැක්කේ මගේ දිහාම බලාගෙන ටේයොන් ව,,,

"වේ😶"

"ලස්සනයි ආකී "

"😊😊"

" යමුද වොෂ් එකක් දාගන්න,  මං ගොඩක් වෙලා ඇහැරලා ඔයා ඇහැරෙනකන් හිටියේ "

"වේ  මං ඔයා මුලින්ම යන්න, මං ඊට පස්සේ "

"ඒ මොකද කම්මැලි වෙන්න එපා ආකී කෝ යමු යමු"

"යාහ් ටේයෝන්ගා මට ලැජ්ජයි "

මං එහෙම කිව්වා විතරයි මහ හයියෙන් හිනා වුන ටේයොන් එක පාරටම හිනාව නවත්තලා මගේ දිහා බැලුවා,,,,

"ලැජ්ජ වෙන්න එපා ආකී,  මාත් එක්ක යමූ කියන්නේ හේතුවක් ඇතුව,  කෝ එන්නකෝ "

එහෙම කියපු ටේයොන් බෙඩ් ෂීට් එකත් එක්කම මාව හරහට අරගෙන වොෂ් රූම් එකට එක්කන් ගියා,  මාව බිමින් තියලා එයා අනිත් පැත්ත හැරිලා ටවල් එක ඇදගෙන මගේ ලගට ඇවිත් මගේ ඇගේ තිබුන බෙඩ් ෂීට් එක අයින් කරන ගමන්,,,

"ආකී මං හැමදේම පැහැදිලි කරන්නම් බය වෙන්න එපා හොදද "

"මොනා ගැනද කියන්නේ ටේයොන් "

"මේක ගැන "

එහෙම කියපු ටේයොන් මගේ ඇගේ තිබුන බෙඩ් ෂීට් එක ඇදල දැම්මා ඒත් එක්කම මගේ කටින් පිටවුණේ විලාපයක්,,,,

අඩ සදක හැඩේට මගේ ඉනේ තද රතු පාටට තිබුන ලපේ කලුම කලු පාට වෙලා විකෘති වෙලා, බලන්නත් බැරි තරම් බය හිතෙන විදියට,,,,

සිහිය එලව ගත්ත පලවෙනි තත්පරේ මං කෙරුවේ අනිත් පැත්ත හැරිලා ටේයොන්ගේ ඉනේ තිබුන ටවල් එක ඇදලා දාපු එක එයාගේ ත් ඒ විදියමයි,,,

අත් දෙකින්ම කට වහගෙන ඇස් දෙකත් ලොකු කරගෙන මං ටේයොන් දිහා බැලුවේ මේ ඇයි කියලා අහන්න,  ඒත් එයා ඈත බලාගෙන ලොකු කල්පනාවක හිටියේ,,,,

"ටේ ටේයොන් මොකක්ද මේකේ තේරුම ඇයි ඒවා එහෙම, ඒ ඒවා හ හරියට ඒවා එතන ඇන්ද කෙනාට තරහා ගිහින් මකලා දාන්න හදලා වගේ ""

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now