ආකී

651 178 46
                                    

https://www.facebook.com/groups/1324797047869747/permalink/1423825047966946/

ආකී 7nth episode
💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

කාලේ ගෙවිලා ගියේ මං ආපහු ටිකෙන් ටික පරන ආකී ම වෙන ගමන්,  ජන්කුක් එක්ක රන්ඩු කරන්න, ජිමින් එක්ක කෝලම් කරන්න ඉස්සර වගේ පිස්සු වැඩ කරන්න එදා උනදේ හිතින් අයින් කරලම දාන්න මං උත්සාහ කරා,,,

පුලුවන් තරම් ටේයොන් ව මග ඇරලා ඉන්නත් අනාගතේ ගැන නොහිතා ඉන්නත් මං පුරුදු වුනා,,,,

ජින් ඔප්පයි නම්ජූන් ඔප්පයි එයාලගේ සහකාරියන් දැනටමත් හොයාගන හිටිය නිසා යුන්ගි  , හොබී ඔප්පලා දෙන්නයි, ජන්කුක් ජිමින් දෙන්නයි විතරයි ඉතිරි වෙලා හිටියේ,,,

කාලේ ඔහොම ගෙවිලා යන අතරතුරේ තමා හොබී ඔප්පාට එයාගේ සහකාරි මුන ගැහුනේ, ඉතින් ඔප්පට ඕන උනා එයාව අපි හැමෝටම අදුන්වලා දෙන්න,,,

ඒ නිසාම අද හවසට හැමෝටම ඩිනර් එක හොබී ඔප්පා ගානේ, කොලේජ් ඉවර වෙලා ගෙදර ආපු මං එහෙම ම ඇදට වැටුනේ මං නොදන්න මං ඉපදුන ලෝකේ මොන වගේ තැනක් වේවිද කියලා හිතන ගමන් මයි,,,

"ආකී මං ඇතුලට එන්නද ආකී "

හොදටම නින්ද ගිහින් ඉදපු මං ඇහැරුනේ ජන්කුකා දොරට තඩි බාන සද්දෙට,,,

"යාහ් ජන්කුකා වේ "

"තමුසේ මැරිලද ආකී මං කොයි වෙලේ ඉදලද කථා කරන්නේ ,ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනවා නැත්තන් කෑම නැති වෙයි "

මෙච්චර වෙලා තිබුන නිදිමත කැලේ ගිහින් බඩේ පනුවෝ පෙලපාලි යන්න පටන් ගත්ත නිසා මං ටක් ගාලා ලෑස්ති වෙලා පහලට ගියා,,,

මං යන කොටත් හොබී ඔප්පගේ ඔන්නි ඇවිත් හිටියා,  ඔන්නි ගොඩක් හොද කෙනෙක් කියලා දැක්ක ගමන් ම මට තේරුනා,  ටිකක් වෙලා හැමෝම ආගිය තොරතුරු කතා කර කර හිටියා, 

හදිසියේම ඩෝ බෙල් එක රින්ග් වෙන සද්දෙට හැමෝම මූනෙන් මූන බලාගත්තේ කව්ද ආවේ කියලා කාටවත් අදහසක් තිබුනේ නැති නිසා,  ඒත් එක්කම නම්ජූන් ඔප්පා, 

"කවුද මේ වෙලාවෙ ආකී බලන්න කව්ද කියලා "

මං නැගිටලා ගිහින් දොර අරින කොට දොර ඉස්සරහ හිට ගෙන හිටියේ සොන්ඊ එක්ක ජෙනී,  ජෙනී සොන්ඊ ගේ යාලුවා වගේම ජෙනී ගේ එකම හතුරා මං, 

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now