ආකී

630 174 37
                                    

https://www.facebook.com/groups/1324797047869747/permalink/1422888034727314/

ආකී  6th episode

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

මං එහෙම කිව්වා විතරයි කන්න වගේ මගේ දිහා බලාගෙන හිටපු හය දෙනාම ඊලගට ටේයොන් දිහා බැලුවා,  හීනෙකින් ඇහැරුනා වගේ ඇස් ලොකු කරලා හැමෝම දිහා බලපු ටේයොන් ගේ මූනට රාක්ෂ පෙනුමක් එන්න වැඩි වෙලාවක් ගියේ නෑ,,,,

ඒ බැල්මෙන්ම මගේ ලගට ආපු ටේයොන් මගේ අතේ වැලමිටට උඩින් අල්ලගෙන මාව ඇදගෙන උඩට යන්න ගත්තේ අනිත් අය කථා කරද්දිමයි,,

"යාහ් ටේයෝන්ගා "

"ටේයොන් "

"හයූන්ග් "

කවුරුත් කියන දෙයක් ඇහුනේ නෑ වගේ බාගයක් ඇදගෙන බාගයක් උස්සගෙන මරන්න ගෙනියන හරකෙක් වගේ ටේයොන් මාව ඇදගෙන ගිහින් එයාගේ කාමරේ ඇද උඩට තල්ලු කරා,,

ඇහි පිය ගහන තත්පරේ බෙල්ල විතරක් හරවලා දොර වහලා ලොක් කරපු ටේයොන් අර බැල්මෙන් ම මගේ දිහා විනාඩි යක් දෙකක් බලාගෙන හිටියා,,,

ඊලගට මං හිතන්නත් කලින් මගේ ලගට ආපු ටේයොන් මං ඇදගෙන හිටිය ගවුම ඇදලා ඉරලා දැම්මේ මං කෑ ගහද්දී මයි,,,

ඒත් එක්කම මං අත් දෙකින්ම පපුව වහගෙන කකුල් දෙක නමා ගත්තේ දැනුන ලැජ්ජාව නිසා, ඒත් මගේ හැඟීම් ගැන කිසිම ගානක් නොවුන ටේයොන් මගේ ඉනේ තිබුන අන්තිම ඇදුමත් ඇදලා ඉරලා දැම්මේ කිසිම හැඟීමක් නැතුව,,

ඊලගට මං නවාගෙන හිටපු කකුල් දෙකම අතින් ඇදලා දිගෑරපු ටේයෝන් මගේ ඉනට පහලින් තිබුන මාක් එක මාපට ඇඟිල්ලෙන් පිරිමැද්දේ මගේ මුළු ඇගම හිරි වැටිලා යද්දී,,

ජීවිතේ පලවෙනි වතාවට පිරිමියෙක් ඉස්සරහ නිරුවත් උන නිසත්, අනපේක්ෂිතව සිද්ධ වෙච්ච දේවල් නිසත් මගේ හිතේ ඇතිවුනේ මහා කලකිරීමක් එක්ක ආත්මානුකම්පාවක්,

ඒ සේරමත් එක්ක මගේ කටින් පිට වුන ඉකියට  ගැස්සුන ටේයොන්  ටිකක් වෙලා මගේ දිහා බලන් ඉදලා එයා ඇදගෙන හිටිය ෂර්ට් එක ගලවලා මගේ ඇගට දැම්මා, ,,

"අයිෂ් ආකී ඕක ඇදගන්නවා"

ඒත් තරහයි දුකයි එක්ක එක්ක කැලතුන හැගීම් ගොන්නක අතරමං වෙලා හිටපු මට ඒක ගානක් වුනේ නෑ,,

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now