Chapter 10

2.1K 431 178
                                    

#TheBoss

"කවුද තමුසෙලා... මාව කොහෙද අරන් යන්නෙ... මාව අතෑරපල්ලා.... යාහ්හ්හ්හ්.... මාව අතෑරපල්ලා..... ජිමීඊඊඊඊඊන්න්න්න්..."

"ආව්ව්ව්ව්...."

ඕරා කැබ් එක දෙවනත් වෙන්න කෑ ගහලා අන්තිමට කෙල්ලගෙ උරහිසකින් අල්ලන් හිටිය එක මනුස්සයෙක්ගෙ අතක් සීල් එක වදින්නම හැපුවා

"අන්න අර රෙදි කෑල්ල අරන් ඉක්මණට මේ කට ගැට ගහනවලා...."

ඒ මිනිහා ඕරාගෙ දත් පාර වැදුන එයාගෙ අත වේදනාවෙන් ගසන ගමන් කෑ ගැහුවා

"මට යන්න දීප්... ම්ම්ම්.... ම්ම්ම්ම්ම්...."

ඕරාට තව දුරටත් කෑ ගහන්න ඉඩ ලැබුනෙ නෑ. පිටිපස්සෙ සීට් එකේ හිටිය එක මනුස්සයෙක් රෙදි කෑල්ලක් අරන් කෙල්ලගෙ කට ගැට ගැහුවෙ කෙල්ල බේරෙන්න එයාගෙ උපරිම ශක්තියෙන් එහාට මෙහාට දඟලද්දි. දඟලලා දඟලලම කෙල්ලට හොඳටම මහන්සියි

ඒත් ඕරා වැඩේ අතෑරියෙ නෑ. විනාඩි දෙක තුනක් හාවක් හූවක් නැතුව හිටිය කෙල්ල එක පාරටම අනිත් පැත්තෙ හිටිය මිනිහගෙ ඔලුවට හයියෙන් ඔලුවෙන් ගැහුවෙ ඒ මනුස්සයා යටි ගිරියෙන් කෑ ගහද්දි. ඒ ගහපු පාරෙ සැරට ඕරාටත් යන්තමට සිහිය නැති වේගෙන ආවෙ රෙදි පටියෙන් කලුවර වෙලා තිබුන කෙල්ලගෙ ඇස් තව තවත් කලුවරට ඇදගෙන යද්දි

'අනේ ජිමින්... මාව බේරගන්න චේබල්... මාව බේරගන්න... මට බයයි'

ඒ සිතිවිල්ලත් එක්කම ඕරාගෙ ඇස් කඳුළු වලින් තෙත් වෙලා කෙල්ල ෆේන්ට් උනා

..................................................................................

විනාඩි දහයකට විතර පස්සෙ ඕරාට ආපහු සිහිය ආවෙ කෙල්ලව කවුරුහරි කර උඩින් තියාගෙන යනවා දැනිලා. අඩ සිහියෙනුත් කෙල්ල දැඟලුවෙ කොහොමහරි මේ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න. කෙල්ල දඟලලා දඟලලා කකුලෙන් ගහපු පාරක් ගිහිල්ලා වැදුනෙ කෙල්ලව කරේ තියන් හිටිය මනුස්සයගෙ වීක් පොයින්ට් එකේ

ඒ පාරෙ සැරට මිනිහට හික් ගෑවුනා. ඒත් මිනිහා ඕරාව අතාරින්නැතුව ඉන්න වග බලාගත්තා

"බොස්ට කෝල් එකක් ගනින්"

එහෙම කියලා එක මනුස්සයෙක් දොරක් අරින සද්දයක් ඇහෙනවත් එක්කම තව මනුස්සයෙක් කෙල්ලගෙ කකුල් දෙකයි අත් දෙකයි ලෙහුවා. ඊටපස්සෙ ඕරාව කරේ තියන් හිටිය මිනිහා ක්ශනිකව කෙල්ලව බිමින් තියලා ඒ දොරෙන් ඇතුලට තල්ලු කරලා දොර වැහුවා

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now