Chapter 4

2.8K 436 52
                                    

#TheBoss

ඒයි ඒයි කොහෙද ඔය ගාල කඩාගත්ත හරකා වගේ කඩාගෙන බිඳගෙන යන්නෙ. පොඩ්ඩක් ඔහොම හිටු😒

18+ warning🚫🚫🚫

************************************

"යාහ්හ් තමුන් මොකද්ද මේ බාර් එක අස්සෙ රිංගගෙන කරන්නෙ"

ජිමින් එයාට පිටුපාලා බාර් එකේ කවුන්ටරේ උඩ බාගෙට වැටිලා වගේ වැනි වැනී ඉඳන් හිටිය කෙල්ලට එහා පුටුවෙන් ඉඳගන්න ගමන් ඇහුවා

ජිමින්ගෙ කටහඬ ඇහුන ගමන් කෙල්ල බාගෙට ඇරුන ඇස් වලින් ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා

"ඕහ්හ්හ් මිස්ස්ස්ටර්ර්ර් පාක් ජි මින්... හික්ප්.. ඔයා මොකද මෙත්තන කරම්නෙ"

ඕරාට බීලා වැඩිකමට ඉක්කාත් යනවා. කෙල්ලව මෙහෙම දැකපු ජිමින් ඔලුවෙ අත ගහගත්තා

"තමුන් මේ තරම් බේබද්දෙක් කියලා මං හිතුවෙ නෑනෙ. මටවත් බෑ මේකෙන් ග්ලාස් එකකට වඩා බොන්න"

ජිමින් කෙල්ල බදාගෙන හිටිය වොඩ්කා බොට්ල් එක ගන්න අත දික් කරනකොටම ඕරා බොට්ල් එක පැත්තකට කරගෙන ජිමින්ට රැව්වා රැවිල්ලක් එතනම දිය වෙලා යන සයිස් එකට

"තමුන්ට අත කඩ්ඩාගන්න ආසද... හික්ප්..."

"මොකක්..."

"ම්මං ඇහුවෙ තමුන්ට අත කඩ්ඩාගන්න ආස්සද කියලා මිනිහෝ...."

ඕරා මත් වෙලා ඉන්නෙ කියලා දැනගෙන හිටියත් කෙල්ලගෙ වචන වලට කොල්ලගෙ ඇස් ලොකු උනා

"යාහ්හ් තමුන් ඔය කත්..."

"කට.. ශ්ශ්ශ්ශ් කට්ට වහගන්නවා... තමුන්.. තමුන් තමයි මේ සේරටම වග්ග... කියන්න ඕනෙ. දුස්ටයා. තමුන් ද්දන්නෙ නැද්ද මං ජින් ඔප්පාට කොච්චර ආආආදරෙයිද කියලා. තමුන්ට තිබුනා අර ඔප්පාගෙ අතේ එල්ලිලා හිටිය නැට්ට්ටිච්චිව පැත්තකට විසික් කරලා මාව... මේ මාව ඔප්පා ලගින් හිට්ටවන්න.... හික්ප්..."

"ඒයි හිමින්... මෙතන තව මිනිස්සු ඉන්නවා. තමුන් හදන්නෙ පවුල් කඩන්නද. බේබද්දි"

ජිමින් ඕරාගෙ කට අතින් වහගෙන කනට ලං වෙලා හිමින් කිව්වා. බාර් එක ඇතුලෙ හිටිය කීප දෙනෙක්ම ඒ වෙනකොටත් මේ සීන් එක දිහා හිනා වෙවී බලන් හිටියෙ. ඒත් වෙලාවට සද්දෙ නිසා කාටවත් කෙල්ල කියන දේවල් නම් ඇහුනෙ නෑ .

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Dove le storie prendono vita. Scoprilo ora