Episode 22 💜️

Start from the beginning
                                    

Doctor ඒ Flies ටික චෙක් කරලා පැත්තකින් තිබ්බෙ මූනෙ බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන...

👩‍⚕‍ " මේක හිතුවට වඩා බරපතලයි Mr. Bakehyun ... "

🌼 " ඇයි Doctor "

😢 බෙකීගෙ ඇස් වලින් කදුලු වැටුනත් එයා බොහොම ඉවසීමෙන් කතා කරා... බෙකී කියන්නෙ කෝමත් අවශය වෙලාවල් වලදි සන්සුන් වෙලා වැඩ කරන කෙනෙක්  .....

👩‍⚕‍ " මේමයි .... යූරායගෙ වකුගඩු වලට ගොඩක් හානි වෙලා තියනවා... එකක් හොදටම ඩැමේජ්... අපිට එයාට ව්කුගඩුවක් බද්ධ කරන්න වෙනවා ....
ඒත් එයා මේ ඉන්න තත්වෙන් කෝමවත් ඒක කරන්න බෑ.... එයා අපේ බෙහෙත් ප්‍රතික්ෂේප කරනවා... මං හිතන්නෙ එයාට ඕනෙ නෑ ජීවත් වෙන්න...
එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද ... මං ඇහුවෙ මේ ... "

🌼 " ඔව් Doctor ... එයා කාලයක් තිස්සෙ ඩිප්‍රෙශන් නිසා බෙහෙත් ගත්තා..... අදත් එයාගෙ Boyfriend එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තමයි ... එයා හිතලමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ .. "

ඒක කිව්වාමනම් Doctor ඔලුවෙ අත ගහගත්තා....
ටිකක් වෙලා කල්පනා කරපු Doctor ...

👩‍⚕‍ " අපි බලමුකො Mr. Bakehyun
මට පුළුවන් උපරිමෙන් මං කරනවා... එයා දැනට ජීවත් වෙන්නෙ මැශින් වලින්... ඒම කෙනෙක්ට ඔපරේශන් එකක් කරනවා කියන එක කරන්න බැරි වැඩක්.... ඒම කරොත් එයාගෙ ජීවිතේට අනතුරක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී...
මං දෙයක් කියන්නම් ... වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.. එයා ඉන්නෙ ගොඩාක් දුර්වල තත්වෙක...
දෙවියො හාස්කම් කරන්නෙ ගොඩක් අඩුවෙන් පුතා.... 😖 අපි උපරිම උතසහ කරමු... "

🌼 " 😭😭😭 "

බෙකී එතනින් එලියට ආවෙ අඩාගෙනමයි...

එයා එලියට එද්දි කෙනෙක් ඇගේ හැප්පුනා.....

ඒ යුන්ගි .......

යුන්ගි ඇවිත් මේ කියපු දේවල් අහගෙන ඉදලා තියෙන්නේ...

🌼 " සු... සුගා...? "

බෙකී කතා කරද්දි යුන්ගි බිම ඉදගත්තේ බෙකී කතාකරපු එකවත් නොඇහුන ගානට...

🐱 " ඒ.... ඒ කියන්නෙ ... මගෙ යූරා... එ .. එයා... 😭😭 ... එයාව බේරගන්න බෑද.... 😭😭.... අනේ ..... නැ.. නෑ... 😭😭... ඔයා නෙවෙයි යූරා මමයි මැරෙන්න ඕනෙ... මමයි... 😭😭😭😭😭... ඇයි .... අනේ ...  ඇයි ... 😭😭

යුන්ගි ඔලුව අල්ලගෙන Hospital එක දෙවනත් වෙන්න කෑ ගහන්න පටන් ගත්තා...
බෙකීට තවත් බලාගෙන ඉන්න බැරි නිසාම සුගාව බදාගත්තෙ සන්සුන් කරන්න හිතාගෙන..

🌼 " සුගා හියුන්ග් ....  අඩන්න එපා... අපි කෝමහරි යූරව සනීප කරගමු හියුන්ග් ... ඔයා මේ වෙලාවෙ ශක්තිමත් වෙන්න ඕනෙනෙ... අඩන්න එපා හියුන්ග් ... මැරෙන්නත් එපා... මොනදේ උනත් ඔයා ජීවත් වෙන්න ඕනේ.... යූරා වෙනුවෙන්... "

🐱 " බෙ.. බෙකී... යූරට වකුගඩුවක් ඕනෙ කියලා කිව්වා නේද... ?... ම... මම දෙනවා එයාට ... 😭😭 මගෙ පණ හරි දීලා මං එයාව බේරගන්න කැමතියි... 😭😭 "

බෙකී සුගා මේ කිව්ව දේට ගැස්සුනත්...එයාට ඒ වෙලාවෙ ඒක නරක දෙයක් කියලා කියන්න බැරි උනා... ඒත් Doctor කිව්ව විදියට යූරට මේ ඔපරේශන් එකෙන් පස්සෙ මොනවහරි උනොත් යුන්ගිට එයාගෙ වකුගඩුවයි. යූරවයි දෙන්නම නැති වෙනවා කියලා බෙකී හොදටම දැනගෙන හිටිය..
ඒ උනාට මේ වෙලාවෙ ඕවා කියලා සුගාව තව අවුල් කරන්න බෙකීට කෝමවත් ඕනෙ උනේ නෑ...
ඒ නිසම බෙකී සුගාව එක්කගෙන ICU එක ගාවට ගිය .... ඒ යනකොට සියුමින් තවම අඩනවා...

බෙකීට ඉතිං මේ අඩන බබාලා දෙන්නම නලව නලව ඉන්න තමයි උනේ...

.
.
.
.
.

පැය තුනකට විතර ගෙවුනත් මේ තුන්දෙනාම හිටපු තැන් වල ඒමම ඉන්නවා...

දැං පාන්දරත් වෙලා...

සුගා පුටුවක් උඩ ඉදගෙන ඉන්නෙ කිසි හැල හොල්මනක් නැතුව ...
සියුමින් අඩලා අඩලම බෙකීගෙ තුරුලෙ නිදි...
බෙකීත් පුටුවකට හේත්තු වෙලා ඇස් දෙක ටිකක් පියාගෙන ඉන්නෙ ගොඩක් තෙහෙට්ටු නිසා....

ඒත් බෙකීට ගැස්සිලා ඇහැරුනේ... පුටුවක් පෙරලෙන සද්දෙට...

ඇස් ඇරලා බැලුවාම තමයි දැක්කෙ ඒ ඉන්නෙ සුගා කියලා...
එයාගෙ නහයෙන් ලේත් එනවා...
සුගා නහයෙන් එන ලේත් පිහදාලා නැගිට්ටා......











__________________________________________

ඔන්න සුට්ටක් දුන්නා....

තව ටිකයි තියෙන්නේ.... 😁😁

මොකද කියන්නෙ යූරා මැරෙයිද ?... 😏
යුන්ගිට මොකද එකපාරටම උනේ..  ?. ☹️

පස්න නේඩ 😉

ඔයාලා කියන්නකො
Happy end එකද්ද Sad end එකද්ද ඕනේ... ?

නැත්නම් මම හිතුන විදියට කරන්නද ?..
🌼🌼🌼🌼

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now