Episode 17 💜️

740 183 23
                                    

දවස් දෙකකට පස්සෙ.. මම ඩේගු යන්න ලෑස්ති උනා...
එහෙට ගියාම මම කෝම එයාව හොයා ගන්නද... මොනවා එයාට කියන්නද කියන දේවල් මගෙ හිතේ තිබුනෙම නෑ... මට ඕන උන එකම දේ , එයාගෙ ඒ මූණ ආය බලන්න...

මොකද්දෝ හේතුවකට මට හිතෙන්නෙම එයාට මාව අමතක වෙලා නෙවෙයි ...
එයාට මොකක් හරි ප්‍රශ්නයක් කියලමයි... 😥

මට ආරංචි උන විදියටනම් ඩේගු වල එයාට අයිති Hotel එකක් තියනවා Beach side එකේ ...
ඒක හොයා ගත්තොත් ලේසියෙන්ම මට එයාව හොයාගන්න පුළුවන් වෙයි...

මම ඕවා හිතලා හිතලා... මට අවශ්‍ය බඩු ටිකත් අරගෙන පල්ලයහට ආවෙ Car එකට යන්න බලාගෙන...

" යූරා......... ඔයා ලෑස්තිද.?..
Driver ඇවිත් ඉන්නෙ... පරිස්සමට යන්න ඕනෙ හරිද ? .... මොනවා උනත් ඒ දේවල් ගැන වැඩිය හිතන්න එපා හරිද ? ...
අනික ඔයා තනියම යන එකටනම් මම පොඩ්ඩක්වත් කැමති නෑ.. යූරා.. "

මම පල්ලයහට යද්දිම අපේ ඔප්පා දේශනයක් දෙන්න ගත්තා.. 😂😂
මං දන්නවා මගෙ ඔප්පා මං ගැන ගොඩක් හිතනවා කියලා.. ඒත් මට මේක කරන්නම ඕනේ..
ඒක නිසාම මම ඔප්පව ටිකක් සන්සුන් කරා.....

🥀 " අනේ ඔප්පා........ මේ බලන්න...
මට මොකුත් වෙන්නෙ නෑ අනේ ...
ඔයාගෙ නංගී ගැන දන්නෙ නැද්ද... අනික කලින් උනා වගේ දෙයක් වෙන එකක් නෑ ඔප්පා... මට යුන්ගි ඔප්පව හොදටම විශ්වාසයි..
මට හිතෙන්නෙ එයාට කතා කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නෙ...
ඒක නිසා මම ගිහින්ම කතා කරනව එයාට...".

" ඒත් යූරා ආය ඔයා අසනීප උනොත්... 😥"

🥀 " අයියෝ ඔප්පා....... ඒක අවුරුදු ගානකට කලින් උන දෙයක්නෙ.. ආය ඒම වෙන එකක් නෑ ඔප්ප......
වෙන එකක් නෑ නෙවෙයි ... වෙන්නෙ නෑ.. මට යුන්ගි ඔප්පව විශ්වාසයි.."

ඔප්පා තවත් මොනවත් කියන්න කලින් මම එතනින් ටක්ගාලා ආවෙ .. එයාව පුළුවන් තරම් සනසලා....

ඔප්පටයි , ඔන්නිටයි යන්නම් කියලා.. Car එකට නැගලා අපි යන්න පිටත් උනා.....
.
.
.
.
.
.
.
.
.
.
.

පැය දෙකක ගමනම මට නින්ද ගියා...
මම ආය නැගිටිද්දි මට පෙනුනෙ ජනේල්ලෙන් එලියෙ තියන ලස්සන මුහුදු වෙරළ...

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now