"යා..‌මොනවද මේ කියවන්නෙ උඹ?"ජන්ග්කුක් අහද්දි ජීමින් හිමීට ජන්ග්කුක්ගෙ ඔළුවට තට්ටු කරා..

එකපාරටම තුන් දෙනාගෙම අවධානය යොමු වුණේ රූම් එකේ ‌දොර ඇරුණ නිසා..රූම් එකට ආවෙ ජියා..ජියාව දැක්කම ජිමින්ගෙ මූණෙ සුපුරුදු හිනාව හරි ලස්සනට ‌මතුවුණා..ජියා හොඳින්ම ජිමින්ව දැක්කා..තත්පර ගානක් ජිමින්ගෙ මූණ දිහා බලාගෙන හිටිය ජියා කොල්ලව නොදැක්කා වගේ ගියෙ තේහියොන් ගාවට..තේහියොන් ගාවට ගිය කෙල්ල තේහියොන්ගෙ කොලර් එකෙන් අල්ලගත්තා..

"ටේ..කො‌හෙද ජිමින්?"කෙල්ල ඇහුවෙ තේහියොන්වත් පුදුම කරවලා..ජියා දන්නවා ඒ ජිමින් කියලා..තමන්ගෙ ඉස්සරහා ඉන්නෙ මෙච්චර කල් ආදරේ කරපු ජිමින්ම කියන එක කෙල්ල දැනගෙන හිටියා..ඒත්..කෙල්ල ලෑස්ති නෑ..ඒ ජිමින් කියලා පිළිගන්න කෙල්ලට බෑ...

"කියපන් කොහෙද මගෙ ජිමින් ඉන්නෙ?"තේහියොන්ගෙත් ජන්ග්කුක්ගෙත් නිහඬකම ඉස්සරහා ජියාගෙ කටහඬ දැඩිවුණා..ජියාගෙ මුරණ්ඩු හැසිරීම දිහා ජිමින් බලන් හිටියෙ පුරුදු හිනාවෙන්මයි..

"සරූ..."ජිමින්ගෙ සිහින් කටහඬ ඇහෙද්දි ජියාට තවදුරටත් ඒ රඟපෑම කරගෙන යන්න බැරිවුණා..කෙල්ල තේහියොන්ගෙ කොලර් එක අල්ලගෙනම කෙල්ල ඉකිගැහුවා..තේහියොන් ජියාගෙ උරහිස්වලින් අල්ලගෙන කෙල්ලව ජිමින්ගෙ පැත්තට හරවද්දි ජියා ඉකි ගහන ගමන් කොල්ලගෙ පපුවට ගුලි වුණා..

ඒත්..

වෙනදට දැනෙන උණුසුම ජිමින්ගෙ පපුතුරුලෙ රැඳිලා තිබුණෙ නෑ..ඒ වෙනුවට කොල්ලගෙ පපුවෙ තිබ්බෙ නුහුරු සීතලක්..ඒ සීතල අයිස් පතුරක් වගේ කෙල්ලගෙ පපුවටම කිඳාබැස්සෙ අමුතුම වේදනාවක් හිතේ දුවද්දි..ජියාට දැනුනෙ ජිමින්ගෙ ඇඟිලි කෙල්ලගෙ කොණ්ඩෙ අස්සෙන් යනවා..ජියාට කෑ ගහලා අඬන්න හිතුනත් කෙල්ල ඒක නවත්තගත්තෙ ජිමින්ට දුකක් දෙන්න ඕනෙ නැති නිසයි..

පැයක් විතර යනකම්ම කෙල්ල හිටියෙ ජිමින්ගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන..තේහියොන් ජන්ග්කුක් දෙන්නත් රූම් එකේ සෝෆා එකට වෙලා වාඩිවෙලා බලන් හිටියෙ අසරණ බැල්මෙන්..වෙනදට හිනාවෙද්දි පිරුණ  ජිමින්ගෙ මූණ දැන් රැලි වැටිලා..කොල්ලගෙ රෝගි බව වඩ වඩාත් කැපී පෙනුනා..කොල්ලො දෙන්නා හිනා වුණාට හිත ඇතුලෙන් ඒ දෙන්නා බෙරිහන් දිදී අඬනවා..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now