අහිමි සද 12

Start from the beginning
                                    

එතකොටමයි ජිමින් කිචන් එකට ආවේ වචනයක් වත් නොකියපු මං ජියාට උනු වතුර එකක් දාලා දීලා ආපහු යන්න හැරුනේ අත හොදටම රිදෙන්න ගත්ත නිසා,, ඒත් මට අඩියක් වත් යන්න ලැබුනේ නෑ විල්චෙයාර් එකෙන් බිමට වැටුන ජියා මහ හයියෙන් කෑ ගහන්න ගත්තා,,,,,,,

"ආහ් ආව් පිච්චෙනවා"

"ජියා මොකද උනේ ඇයි ""

"ආහ් ජිමින් සේහියා අතින් වතුර එක මගේ ඇගට හැලුනා "

යන්න හැරුන මං ආපහු හැරුනේ ජියා කියපු දේ නිසා, කෙනෙක් ට මේ තරම් බොරු කියන්න පුළුවන් ද කියලා මට පුදුම හිතුනා, වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං එතනම හිටගෙන බලාගෙන හිටියා,,,,,

ජියාව අත් දෙකට ගත්ත ජිමින් එයාව සෝෆා එක උඩින් තියලා,,,,

"යාහ් සේහියා මොකද කරන්නේ ඉක්මනට වතුර ටිකක් අරගෙන එන්න "

ජිමින් ගේ කෑ ගැහිල්ලට රොබෝ කෙනෙක් වගේ වතුර එකක් අරගෙන මං ජියා ඉන්න තැනට ගියා ,,,,,

වතුර එකට පුලුන් දාලා ජිමින් හැදුවෙ පිච්චුන තැන තලන්න,,,,,

"ජියා කොහෙටද උනුවතුර හැලුනේ"

ඒත් එක්කම ඇදගෙන හිටපු ගවුම උඩටම උස්සපු ජියා එයාගේ කලවේ තිබුන රතුවුන තැනක් පෙන්නුවා, ඒක දැකපු මගේ ඇස් දෙක උඩ ගියේ ඒ තරම් පිච්චෙන්න ඒ උනුවතුර එක එච්චර රස්නයක් තිබුනේ නෑ කියලා මට හොඳටම දැනුන නිසා,,,,,,,,,

ජියා ආපහු සැරයක් හැමදේම හරියටම ප්ලෑන් කරලා මං හැම තිස්සෙම ඒ උගුලේ පැටලෙනවා,,,,,,,

පුංචි දරුවෙක් ට බේත් දානවා වගේ කටින් පිබ පිබ ජිමින් ජියාගේ කකුලේ බේත් ගාලා බැන්ඩේජ් කරන හැටි මං බලාගෙන හිටියේ මගේ අත වේදනාවෙන් පුපුරු ගහද්දී,,,,,,,

කියාගන්න බැරි මහා අසරණ කමක් එක්ක දැවටුණු වේදනාවකින් මුලු හිතම පිරිලා තිබුනා, කෑ ගහලා අඩන්න ඕන උනත් පපුව හාරගෙන එන ඉකිය හිරකර ගෙන ම මං ජිමින් දිහාම බලාගෙන හිටියා,,,,,

බේත් දාලා ඉවර වුණාම ජියා,,,

"ජිමින් මට ඇදුම් මාරු කරගන්න උදව් කරනවද අද අජුම්මා ආපහු ගියා මට තනියම අමාරුයි ඔයා දන්නවනේ "

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now