අහිමි සද 10

934 240 44
                                    

ජි ජියා ඔ ඔයා ඇවිදිනවා "

"හහ් සේහියා මොනවද හිතුවේ මං ඇවිදගන්න බැරුව රෝද පුටුවට වැටිලා කියලද "

"නෑ නෑ ඒත් ඒත් ක් කෝ ජි ජිමින් "

කට කොනකින් හිනා වෙන ගමන් මගේ ලගට ආපු ජියා මගේ අත තද කරලා අල්ලගෙන මාව ඇදගෙන කිචන් එකට ආවා , පැන්ට්‍රි එක උඩ තිබුන දුම් දාන කෙට්ල් එක අතට ගත්ත ජියා මට හිතන්න වත් ඉඩක් නොතියා උතුරන වතුර මගේ අතට හැලුවේ මං වේදනාවෙන් කෑ ගහද්දී මයි,

පුපුරු ගහන අත අල්ලගෙන මං කෑ ගහද්දී ම මාව තල්ලු කරලා දාපු ජියා බිම වැටිලා හිටිය මගේ ලගට පහත් වෙලා,,,,,,

"ජිමින් මේ දේවල් දැන ගත්තොත් වෙන දේ ජේමින් ගේ නැනී බලාගනී"

"හාහ් ජියා,,,,"

ඒත් එක්කමයි ජිමින් ගේ වාහනේ සද්දේ ඇහුනේ, ජේමින් වත් වඩාගෙන ජියාගේ රෝද පුටුව තල්ලු කරගෙන ආවේ නැනී,, ඉක්මනින් රෝද පුටුවෙන් වාඩි වුන ජියා ජේමින් ව එයාගේ ලගට අරන් නැනීට ඇස් වලින් මාව පෙන්නුවා,,,

පුපුරු ගහන අතේ වේදනාව දරාගන ජිමින් ගේ ඇතුළට එනකම් මං ජේමින් දිහා ම බලාගෙන හිටියා..................

සිහියත් අසිහියත් ගෙවුණු හෝරා ගානකට පස්සේ මට ඇහැරුනේ කම්මුලට දැනුන රස්නයක් එක්ක........

හෙල්ලෙන්න බැරි නිසා ඇස් ඇරලා බලපු මං දැක්කේ මාව පපුව උඩ තියාගන මගේ කම්මුල උඩ මූණ තියාගන බැන්ඩේජ් කරපු මගේ අත අල්ලගෙන ඉන්න ජිමින්.......

ඒ උනුසුමේ තවත් ටික වෙලාවක් ඇස් පියාගෙන ඉන්න හිත බල කරත් ඇස් පියා ගත්ත ගමන් මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනේ උදේ උන දේවල්,,,,,,

මුලු ඇගම හිරි වැටිලා දාඩියෙන් තෙත් වෙද්දි ජිමින් වත් පෙරලගෙන මං ඇදේ ඉදගත්තා,,,මගේ දැගලිල්ලට ඇහැරුන ජීමින්........

"සේහියා මොකක්ද උනේ හීනයක් දැක්කද "

"ජ් ජිමින් වෙලාව කීයද, කෝ ජේමින්, ජ් ජියා කොහෙද "

"ෂ් ෂ් කලබල වෙන්න එපා දැන් වෙලාව පාන්දර තුනයි, ජේමින් රූම් එකේ නිදි නැනී එයා ගාව ඉන්නවා, ජියා එයාගේ රූම් එකේ, "

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now