අහිමි සද 2

1.1K 253 62
                                    

අඩලා අඩලා නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා මට ගානක් තිබුනේ නෑ.කාගේ හරි අතක රස්නයක් දැනිලා මට ඇහැරුනේ....

"ආච්චම්මා... දැන් වෙලාව කීයද "

මං නැගිටලා ආයම ආච්චම්මා ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන්න ගමන් ඇහුවා.

"දැන් උදේ නවයයි වෙලාව, කම්මැලි කෙල්ල නැගිටලා වොෂ් එකක් දාගන එන්න කෑම කන්න "

එහෙම කියලා ආච්චම්මා නැගිටලා යන්න හැදුවා, ඒත් මං ආච්චම්මා ගේ අතින් අල්ල ගත්තා.

"මොකුත් අහන් නැද්ද 😔"

යන්න ගිය ආච්චම්මා ආපහු ඇවිත් ඇදේ මගේ ලගින් ඉද ගත්තා.

"මං දන්නවා මගේ දූ ඉන්නේ දුකින් කියලා දැන දැනම මං ආපහු ඒ ගැන අහලා හිත රිද්දන්න නෑ"

"ආච්චම්මා මංදවසක හැමදේම කියන්නම් "

"ම් වොෂ් එකක් දාගන කෑම කන්න එන්න අද මගේ පරන යාලුවෙක් ගේ ගෙදර යන්න තියනවා හවසට "

" ඒ කවුද ආච්චම්මා මෙච්චර කාලෙකට හිටියේ නැති යාලුවො කවුද"

"එයා ලගදි මෙහෙට ආවේ ඉතින් අහල පහල අය අදුරගන්න පුංචි පාටි එකක් හවසට යන්න ලෑස්ති වෙන්න හොදේ "

"අනේ ආච්චම්මා මං ඔය නාකි කෙල්ලන්ගේ පාටි වලට ඇවිත් මොනව කරන්නද😐"

" මේ නාකි මාව තනියම යවනවද ඔයා ඒකත් රෑ 😶"

"🤭හරි හරි යමු යමු "

Time skip
Evening at the party............

ආච්චම්මා හවස් වරුවේ ම පාටි එකට යන්න ලෑස්ති වුනා, ග්‍රේස් ආච්චි ආච්චම්මා ගේ පුංචි කාලේ ඉදන් හොදම යාළුවෙක් ලු.

"දෝනි තාම ලෑස්ති නැද්ද "

"මේ එනවා ආච්චම්මා "

ආච්චම්මා ලෑස්ති වෙලා හිටියේ ලස්සන හැන්බොක් එකකින් එයා හරිම ලස්සනයි, මං එලියට ආවා විතරයි එයා මගේ දිහා බලාගෙන හිටියේ ඇස්වල කදුළු පුරවගෙන.

" ඔයිය ඉතින් මගේ චූටි කෙල්ල අඩනවද මං මගේ ඔම්මා වගේම යි දැන් හරිනේ අපි යමුද ,"

"ම්ම් යමූ මගේ කෙල්ල කොච්චර ලස්සනද "

ආච්චම්මා මං ලස්සනයි කිව්වට මගේ හිත කිව්වේම මේ ඇදුම ගලවලා වෙන එකක් අදින්න කියලා,

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now