"මොකක්ද මේකේ තේරුම ඇයි මාව මෙහෙට ගෙනාවේ"
නැවතිලා හිටපු ජිමින් සාක්කු දෙකට අත් දෙක දාගෙන අඩියෙන් අඩිය මගේ ලගට ඇවිත් මගේ මූනට එබුනා......
"හහ් කතා කරන්න පුළුවන් ද 😏😏මං හිතුවා නිව්යෝර්ක් ආවට පස්සේ දිව ගිලිලා කියලා "
"ජිමින් මොකක්ද මේකේ තේරුම "
"තේරුම 😏 මොන තේරුමද ප්‍රශ්න අහන්න දෙයක් නෑ ඕන කරන හැමදේම මෙහේ තියනවා මෙහෙට වෙලා ඉන්නවා, රස්තියාදුවේ යන්න හිතන් නැතුව✋ "
"හහ් ජිමින්, මං දන්නවා අපි මෙහෙට ආව එක ජියාගෙයි ඔයාගෙයි ෆැමිලි ලයිෆ් එකට ප්‍රශ්න යක් කියලා, මං අද යන්න හැදුවේ අපාර්මන්ට් එකක් බලන්න, මං ලග සල්ලි ටිකක් තියනවා ජොබ් එකක් හොයාගන්න කං මට පුළුවන් මං ගැන බලාගන්න, අනික ජිමින් ජියාටයි ඔයාටයි එකතු වෙලා ඔයාලගේම දරුවෙක් හදා ගන්න පුළුවන්, ඒක නිසා මගේ ජේමින් ව මගෙන් ඈත් කරන්න එපා ප්ලීස් 🙏🙏 ඔයාට ඕන වෙලාවක ඇවිත් එයාව බලලා යන්න ඒත් එයාව මගෙන් වෙන් කරන්න එපා 🙏🙏🙏🙏"
අන්තිම ටික කියන කොට මට ඇඩුනා මගේ කියන්න මට මේ ලොකේ හිටියේ මගේ පුතු විතරයි, ජීවත් වෙන්න ලැබුන එකම බලාපොරොත්තුවත් නැති වෙලා යන කන් බලාගෙන ඉන්න මට බැරි වුනා......
එකම බැල්මෙන් මගේ දිහා බලාගෙන හිටිය ජිමින් ගේ ඇස් මං කියන වචනයක් ගානේ ගැස්සෙනවා මං හොදටම දැක්කා,, ඒත් ඊලගට අත දික් කරලා මගේ බෙල්ල පිටිපස්සෙන් අල්ල ගත්ත ජිමින් මගේ මූනටම ලං වෙලා,,,,,
"ඇයි තමුසේ ට ඕන ආයෙත් සැරයක් මගෙන් පැනලා යන්නද මගේ දරුවත් අරගෙන ආ කථා කරපං සේහියා උබට ඕන මාව මරාගන්නද"
"ජ් ජිමින් මට රිදෙනවා "
"ඊට වඩා මට රිදෙනවා සේහියා "
"අපි ගියාම ඔයාලට ආපහු හොදින් ඉන්න පුළුවන් ජිමින්, අපිව ප්‍රශ්නයක් කර ගන්න එපා "
රතු වුන ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටිය ජිමින් ටික වෙලාවකින් මාව අතෑරල කාමරේ එහාටයි මෙහාටයි ඇවිදින්න පටන් ගත්තා,,
"ඇයි එහෙම කලේ මං එනකම් බලන් ඉන්නවා කියලා ඇයි ආයෙමත් නොකියම ගියේ සේහියා ඇයි"
අහිමි සද 8
En başından başla