.එකොළහ:- තුයිති..☆

Začať od začiatku
                                    

"ආආආ...., මේ මගෙ ඉස්කෝලෙ පරණ යාළුවෙක්... Jimin, Park Jimin.. හෙ හේ.." ඇයි මේ වගේ වෙලාවට ම මගෙ ගොං හිනාව මතුවෙන්නෙ..? ගිය ආත්මෙ දකින් දකින එකා ගො‍ විදියට හිනා වෙද්දි මං ඒ හැම එකාව ම පල් කොරගෙන ගිහිම් ද මන්ද.. හරි මං එහෙම කළාමයි කියමු.. ඒත් කරුමෙ කියලත් මෙච්චර මේම කුරිරු වෙන්නෝනි ද මම් අහම්නෙ..? ජීවිත විකාරයකි; මාගෙ ජීවිතය ඉනුත් මළ ම විකාරයකි.

"යාළුවෙක්?" දෙන්න ම ඒක මගෙ දිහා බලන් ඇහුවෙ එක වර. හැබැයි ටෝන් දෙහෙකින්. Jimin නං ඇහුවෙ නිකං කින්ඩියට වගේ. Jin Young නං ඒක ඇහුවෙත් සැක ටෝන් එහෙකින්. ඒත් දෙන්න ම එකම දේ එක පාර ම කිව්ව හින්ද ද කොහෙ දෝ ඒක කිව්ව සැනින් මූණට මූණ බලාගත්ත. නික‍ං ලාවට ගහගන්නත් වාගෙ මූඩ් දෙක. මේ මොකෑ මේ..? අපොයි මම් අෂරණයි..

Jimin එයා මගෙ යාළුවෙක් කිව්වා ම ඔච්චර කින්ඩි ලුක්ෂ් එකක් දැම්මෙ ඇයි ඇත්තට?

අහ්! හරිනෙ.. අපි කවද්ද යාළුවො වෙලා උන්නෙ. මට ලාවට කට කොනට හිනා ගියා. ආයෙත් මුන් දෙන්න මගෙ දිහා බලන් ඉන්නව.

"ආහ්... මේ.. යා..ළුවො කිව්වෙ මේ..., යාළුවෙක් නෙමේ..." එක පරට Jin Young මැද්දට පැන්න.

"යාළුවෙක් නෙමේ?" 

මං කාගත්ත ද..?

"නෑ, නෑ..., එහ්ම දෙයක් නෙමේ... මේ.. මං යාළුවෙක් නෙවේ කිව්වෙ ඇත්තට ම අපි අතරෙ එහ්ම යාළුකමක් නොතිබුණ නිසා..." මං අත් දෙකත් දික් කර කර කියද්දි දෙන්න ම මාව එහෙම්ම ම ගිලින්න වාගෙ බලන් උන්නෙ. ඔව් වැඩිපුර ම Jin Young තමා ඉටිම්.. මං කතාව තව සාධාරණීකරණය කොරම්න වෑයම් කළා ඒ හන්දා. "නෑ නෑ... ඔයා හිතනව වගේ දෙයක් නෑ..., කොහෙත් ම.. යාළුකමක් නෙමේ තිබුණෙ කිව්වෙ මේ, අපි අතර මොනම වගේවත් සම්බන්ධයක් තිව්ණෙ නෑ... එක ඉස්කෝලෙ, එක පන්තියෙ තමයි, ඒත් එහෙම හරි කතාබහක්වත් නෑ.. නිකං.., ඔය.., දැකල.., අඳුරනව,.." Jin Youngගෙ ඒ වෙලාවෙ මූණ දැක්ක ම මට වචනෙන් වචනෙට කෙළ ගිලෙන්න ගත්ත. "ඒ...ච්චරයි, ඔව්. හෙහ්.." ආයිත් මට අර ගොං හිනාව ම ගියත් තිබ්බ ටෙන්සොන් එකට නළලෙ රැලි දාහක් විතර හැදිල තිව්ණෙ.

"ඔච්වර ඔහොම නං මොන එහෙකට ද එකපාට්ට කොහෙන් ද ඇවිත් අපෙ අත් ලෙහල දැම්මෙ?" Jin Young එක පාරට ම අහපු පස්නෙට මට එකපාට්ට 'ඇහ්!?" ගෑවුණා. ඒකට උත්තරයක් පොසෙස් කොරන්න යනකොටමයි Jimin මැද්දට පැන්නෙ.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now