ජිමින් හිමින් සැරේ අඩි තිබ්බෙ එතැනට යන්න..ඈත පේන නිම්නයට ඇස් යොමු කරගෙන ආව ජිමින් නතරවුණේ තමන්ට පිටුපාලා හිටිය කෙනාව දැකලා..කොල්ලා චුට්ටක්වත් පරක්කු නොකර දුවගෙන ගිහින් කෙල්ලව බැක් හග් කරා..කෙල්ලව ගැස්සුණා වගේ දැනුනත් ජිමින් පොඩ්ඩක්වත් අත ලිහිල් කරේ නෑ..

"ජිමින්..ඇයි මේ?"කෙල්ල ඇහුවෙ ඉණ වටේ එතිලා තිබ්බ කොල්ලගෙ අත්වලින් අල්ලගෙන..සරූගෙ සුවඳ කොල්ලගෙ නාස්පුඩු අස්සෙන් රිංගද්දි කොල්ලා තව ටිකක් කෙල්ලට ළං වුණා..

"මම බයවුණා..ඔයාට කරදරයක් කියලා හිතුනා මට.."ජිමින් කිව්වෙ වේදනාකාරී කටහඩකින්..ජිමින්ගෙන් ඈත් වෙලා කෙල්ල ජිමින්ගෙ මූණ දෝතට අරගත්තා...

"ඒයි..ඇයි මේ ජිමින්..මං හොඳින්..මං ඇත්තටම ගොඩක් හොඳින්..ඒ ඇයි දන්නවද?මොකද ඔයා මගේ ගාව ඉන්න නිසා.."කෙල්ලගෙ ඇස් හිනාවුණා..

"සරන්ග්.."කොල්ලා හිමීට කෙල්ලගෙ නම මිමිණුවා..

"කියන්න ජිමින්.."කෙල්ල කිව්වා..

"මට ආදරෙයිද?"ජිමින් ඒක අහපු ගමන් කෙල්ල ජිමින්ගෙන් ඈත් වුණා..කෙල්ලගෙ ඇස් ආයෙත් කඳුලින් බර වෙන විදිහ ජිමින් බලාගෙන හිටියෙ කිසිදෙයක් හිතාගන්න බැරුව..ජිමින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොඳටම දැනගෙනත් සරන්ග්ගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා..

"සරන්ග්..ඇයි මේ?"ජිමින් කෙල්ලගෙන් ඇහුවෙ කෙල්ලගෙ කම්මුලට අතක් තියන්න හදන ගමන්..කෙල්ල කොල්ලගෙ ලඟ ඉඳන් පස්සෙන් පස්සට ගියෙ කොල්ලා දිහා බලාගෙනමයි...

"මම..මම දැන් යන්න ඕනෙ ජිමින්..මම යනවා.."කෙල්ල එතනින් යන්න හැදුවත් කොල්ලා සරන්ග්ව ඇදලා අරගෙන පපුවට තුරුළු කරගත්තා..

"ඇයි..මාව දාලා යන්න හදන්නෙ?ආ..මාව දාලා යන්න එපා සරූ..චේබල්.."

ජිමින් එහෙම කරේ ඇයි කියන්න කොල්ලට හරි ⁣තේරුමක් තිබ්බෙ නෑ..කොල්ලට හිතුනෙ සරන්ග් කොල්ලගෙන් ඈතට යයි කියලා..කොල්ලා ඇහුවෙ වැරදි ප්‍රශ්නයක් කියලා ජිමින්ට තේරුණා..කෙල්ලගෙ ඇස්වල තිබුණ ආදරේ කොල්ලා දැක්කා..ඒත් කොල්ලා එහෙම ඇහුවෙ ඒක හරියටම පැහැදිලි කරගන්නයි..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now