නිකන්ම හීනයක්ද?

මගෙ ඔළුව කැරකෙනවා වගේ..

සරූ හොඳින් ඇති නේද?

"ජිමිනා..මොකද වුණේ?"කා‌මරේ දොර ඇරගෙන ආවෙ ටේ එක්ක ජන්ග්කුක්..ජන්ග්කුක් ඇවිල්ලා මගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන හෙල්ලුවා..ඒත් මම හිටියෙ කිසිදෙයක් හිතාගන්න බැරුව..ටේයොන් මට එහාපැත්තෙන් වාඩි වුණා..

"ජිමිනා..මොකද වුණේ?"ටේයොන් මගෙන් ඇහුවා..මං මුකුත් නොකියා ජන්ග්කුක්ගෙ උරහිසට ඔළුව තියාගත්තා...

"එ..එයා..සරූ..."මට කියන්න පුළුවන් වුණේ එච්චරයි..මගෙ උගුරකට වේලිලා ගිහින් වගේ කියලා මට දැනුනා..

"ජිමිනා..ඒක හරි..ඒක නිකන් හීනයක්..සරන්ග් හොඳින් ඇති.."ටේයොන් මගෙ පිටට තට්ටු කරා..

"උඹට සැකයි නම් සරන්ග්ට කෝල් එකක් දීලා බලපන්.."ජන්ග්කුක් කියද්දි මට දැනුනෙ ‌ලොකු පසුතැවීමක්..මොකද අඩුම තරමෙ මං ගාව එයාගෙ නම්බර් එකවත් නෑ..

"මං..ගාව නම්බර් එක නෑ.."මං කිව්වෙ දුර්වල කටහඩකින්..එයාලා පුදුම වෙන්න ඇති..ආදරේ කරන කෙනාගෙ නම්බර් එකවත් තමන් ගාව නෑ කියලා..

"ඒකට කමක් නෑ..එයා හොඳින්..මට විශ්වාසයි..දැන් බය නොවී ඉන්නකො.."ටේ එහෙම කියද්දි මට තරමක සහනයක් දැනුනා..ඒත් තවමත් හිත ඇතුලෙන් මට තිබ්බෙ තිගැස්මක්..

ඔව්..ඒක නිකන් හීනයක් විතරක් වෙන්න ඇති..

ජන්ග්කුක් මාව ඇඳෙන් ඇල කරවලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා..මගෙ නළලෙ මතුවෙලා තිබ්බ දාඩිය බිංදු රෙදි කෑල්ලකින් පිහිදාපු ටේයොන් බිම හිටිය චිමීවත් මගෙ ගාවින් තියලා දොර වහගෙන එළියට ගියා..මගෙ කම්මුලට දැනුනෙ උණුසුමක්..එතකොටයි මම දැක්කෙ චිමී මගෙ කම්මුලේ ඇතිල්ලෙනවා..මං හිනාවෙලා එයාව අත් අස්සෙ හිරකරගත්තා..

"මගෙ සරූ හොඳින් ඇති නේද?"මං ඇහුවෙ චිමීගෙන්..ඒත් එයත් ගුලිවෙලා නිදි..මමත් ඇස්දෙක පියාගත්තෙ සරූට කරදරයක් වෙන්න එපා කියලා දහස්වතාවක් හිතින් ප්‍රාර්ථනා කරන ගමන්...

A/N

එදා දවස ජිමින් ගෙව්වෙ බොහොම අමාරුවෙන්..සරූ හොඳින් ඉන්නවද කියලා කොල්ලට තිබ්බෙ ලොකු බයක්..සරන්ග්ව මුණ ගැහෙන්න තියෙන එකම ‌තැන එතැන විතරයි..කොල්ලට තමන් ගැනම පුදුමයි..බැඳිම් හදාගන්න බය වුණ කොල්ලා දැන් අහම්බෙන් ඇතිවුණ බැඳිමට පණ වගේ ආදරෙයි..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now