Cp.32 ( Special Chapter ) 💚

567 106 44
                                    


වසරකට පසු 🗯️

Awega ⚔️

හැමදේම හොදින් උනාට පස්සේ ඇවේගා එක්ස් වගේම ඇවේගා සී එකතු උනා...

ඒත් පාලනය කරන්න ලේසි වෙන්න සුගා හිතුවා එක්ස් වලම ඉන්න...
ඒ වගේම සී බාර දුන්නේ ජින්ට...

ජින්,මින්,කේන්, ටේ හැමෝම සී වල පාලනය බාරගත්තා...
ඒ වගේම එක්ස් වල හිටිය...

ඒ කියන්නේ ජියෝන්ගේ පාලනය යටතේ හිටිය හැමෝවම සුගාගේ යටතට අරන් තමන්ගේ අණ පිළිපදින
අය විතරක් තියාගන්නත් අකමැති අය පිටුවහල් කරන්නත් තීරණය කලා...

ඒත් පිටුවල් කරනවට බය උන හැමෝම සුගාගේ තීරණ වලට යටත් වෙලා ඉන්න තීරණය කලා...

කිසිම ගැටලුවක් නැතුව හැමදේම සාමකාමීව විසදුන එක ගැන හැමෝම හිටියේ සතුටින්...

Awega sea 🌊

Jin's POV

බැල්කනි එකට වෙලා අහස දිහා බලන් ඉන්න එකට මම ආස කලේ පොඩි කාලේ ඉදන්...
ඒත් ඒ හැගීම් නං දැන් වෙනස්...
පොඩි කලේ ආස කරපු
තරු හද දිහා බලන විදිහට නෙවෙයි දැන් මම බලන්නේ...

මම දැන් අහස දිහා බලන් ඉන්නේ හරියට ඒ අහසේ අතරමං වෙච්ච තරුවක් වගේ...
මට නගරයක්ම බාර දුන්න
එක ඇත්තටම මගේ හිතට බරක්...

මට ඕන උනේ මේ හැමදේකින්ම ඈත් වෙලා නිදහසේ ඉන්න...කිසිම කෙනෙක් නැති පාලු තැනක...

මගේ මතක වල හිටිය එකම කෙනා එක්ක...
මට කවදාවත් මුණගැහුනේ නැති ඒ කෙනා එක්ක ඉන්නයි මට ඕන උනේ...

"නායොන්..."

ඒ නම මිමිණුවේ මම එයාව දැනගත්තට පස්සේ කීවෙනි පාරටද කියන්න මම දන්නේ නෑ...

කවදාවත් නොදැකපු ඒ කෙනා නිසා හැගීමකට විතරක් වහල් වෙලා ඒ  වෙනුවෙන් අහස උසට බලාපොරොත්තු තියන් ඉන්නේ ඇයි කියලා මට තාම තේරෙන්නේ නෑ...

බොරු වැඩක් උනත් මැරුණ කෙනෙක් වෙනුවෙන් ඇයි මම මෙච්චර බලාපොරොත්තු තියන් ඉන්නේ...

ඒක තාම මම දන්නේ නැති රහසක්...

මෙච්චර කල් මාව්  ජීවත් කලේ ඒ බලාපොරොත්තුව...
ඉතින් මම ඒක අතහරින්නේ නැතුව ඉන්න තීරණය කලා...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now