Cp 7. What the hell 🥴

449 119 117
                                    


මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි උනත් ඒ ඉන්නේ මායොන් කියලා ඔයාලට හිතෙනවා කියලා මම දන්නවා...

ඔව් ඒ මායොන් තමයි...

ජින්ට මායොන් කියන්නේ මොකද්ද කියලා තේරුනේ නෑ...
අඩුම ගානේ ජින් මේ කවුද කියලාවත් දන්නේ නෑනේ...

ඔක්කොටම වඩා ජින් දැන් බය වෙලා හිටියේ මායොන්ට හොදටම උන නිසා...
හදිස්සියක් උනොත් කාට කියන්නද...

ජින් ඉක්මනට සුගාව හම්බෙන්න ගියා...

"File ටික තියලා එනවා කියලා නේ ගියේ...මෙච්චර වෙලා මොනාද අනේ කලේ..."

"මේ...මම...බයික් එක අවුල් ගියානේ..ඒක හදාගන්න වෙලා ගියා..."

"ම්ම්ම් හරි හරි දැන් අපි මොකද කරන්නේ අර වැඩේට..."

"මොන..."

"ඇයි ජිනෝ ඒ ටිකට අමතක උනාද....ඔයා....මොකෝ බය වෙලා වගේ....."

"නෑ නෑ සුගා..ඔයා දන්නවනේ ඉතින් මගේ බයික් එකට මොනාහරි උනොත් මට මගේ කෙල්ල දලා ගියා වගේ කියලා..."

"අප්පේ හාහා මේ දැන් අපි ප්ලෑනක් ගහන්න ඕනේ කොහොමහරි වැඩි කල් යන්න කලින්..."

"අරුන් ඇවේගා විනාස කරනවා...මට තේරෙන්නේ නෑ හැබැයි ඇයි උන් තාම සද්ද නැතුව ඉන්නේ කියලා..."

"මේකයි...මට පොඩි ඔත්තුවක් ලැබුනා... දන්නවනේ මොන් දැන් පස්සෙන් යන කෙල්ල...

අන්න ඒකි කලින් රයිඩර්ස්ලගේ ලගම හිටිය කෙල්ලෙක්...එච්චරයි මම දන්නේ...සම්බන්ධකම් ගැන නං මම දන්නේ නෑ තාම...

ඔන්න ඔය කෙල්ලව මුන් ඇමක් විදිහට පාවිච්චි කරනවා කියලා මට නිකමට හිතෙනවා....

මොකද දැන් මොන් වහ වැටිලා ඉන්නේ... ඒ උනාට අපේ හොදටම උට ඒ කෙල්ල එක්ක කෙලින් කතා කරන්න බෑ... එහෙම උනත් අරකි කියන ඕන එකක් කරන සීන් එකේනේ ඉන්නේ...

මෙහෙ විස්තර ටිකක් පිටට ගියා කියන්නේ හැබැයි..අපේ ඔක්කොම ප්ලෑන් වතුරේ...

"ඇයි අනේ රයිඩර්ස්ල ඔච්චර කෙල්ලොම පාවිච්චි කරන්නේ හැම එකටම...උන්ට කෙල්ලෝ වැඩි වෙලාද...

එතකොටම ජින්ට මතක් උනේ මායොන්ව...

දැන් සුගා එතකොට අර කෙල්ලව විතරද ඔයාට ආරංචි විදිහට එවලා තියෙන්නේ..."

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now