Mayon's POV
ඒ හාදුව මම හීනෙකින්වත් නොහිතපු එකක්...
ඇවේගා වලට ආවට පස්සේ මගේ හිත ඇඳිලා ගිය එකම කෙනා...
මගේ type එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා මට දැනුනා...
හැම දේටම බය,හැංගි හැංගි හිටිය, ලැජ්ජාවෙන් හිටිය මායොන්
දැන් වෙනස් වෙලා කියලා දැනුනා...ඒ හැමදේම එක්ක මට මතක් වෙන්නේ එකම එක කෙනෙක්...
ඒ මගේ පන වගේ හිටිය මගේ නංගි...
මාත් දැන් හරියට මගේ නංගි වගේ...
එයාට මොකද්ද උනේ කියලා මට තාම හිතාගන්න බෑ...
හොයන්නේ කොහොමද..
කොතනින්ද පටන් ගන්නේ...මම හදාගත්තු කෝපි එකත් බොන ගමන් බැල්කනි එකට වෙලා කල්පනා කර කර හිටියේ...
සුගා නිසා එක අතකට මගේ හිතට සැනසීමක් දැනුනා..
මට මගේ කියන්න කෙනෙක් මට ලං උන කෙනෙක් මට ඉන්නවා කියලා දැනුනා...
ඒක නිසා මම හිටියේ සතුටින්...කෝප්පේ කට ලගට ලං කරගද්දිම මගේ උරහිසේ ඉදන් අත් දෙක දිගේ ආපු අතක් මගේ අත් දෙක උඩින් කොප්පේ අල්ලගත්තා...මගේ ඇග හිරිවැටිලා ගියා ඒ අත් වලට...
"ඔච්චර මොනාද කල්පනා කරන්නේ..."
"කෙනෙක් ගැන...."
"කව්ද..."
"කෙනෙක්...."
"කව්ද ඉතින් කෙනා...නමක් නැද්ද..."
"මට එයාගේ නම මතක නෑනේ.."
තව ටිකක් මම එයාව ඇවිස්සුවා..
"නමක් ගමක් දන්නේ නැතිඅය ගැන මොකටද කල්පනා කරන්නේ..."
"මමනේ කල්පනා කරන්නේ...ඔයාට මොකෝ..."
එක පාරට එයා මාව එයාගේ පැත්තට හරෝගෙන මගේ ඉන වටෙන් අත් යවලා මාව බදාගත්තා...