Nuri,Jeon & Min's POV
"මින් උබ....කොහෙන්ද මේ..."
"මින්...ඔයාට කොහෙන්ද මේක හම්බුනේ..."
"උමගකින්...එදා සුගාලා පැනගත්ත උමග...ඒක වැහුනා...මතකයිනේ.."
"ඔව් ඒත් ඔයා කොහොමද ඇතලට ගියේ.."
"ඒක එක්ස් වලින් වැහුනට සී වලින් වැහිලා නෑ..ඕක ඇතුලෙන් ආව කෙනෙක් නිසයි මට ඕක හම්බුනේ..."
"ඒ කවුද...සී වල කෙනෙක්...???"
"ඔව්..මායොන්...මතක ඇතිනේ අර සුගාලා එක්ක ඉන්න කෙල්ල..."
"ආ..ඒකි...කොහෙද දැන්..."
"මං ළඟ ඉන්නවා..."
"එහෙනන් දැන් කරන්න ඕන දේ පැහැදිලීනේ.."
"ජියෝන්..කලබල වෙන්න එපා...ඔයා හිතනවටත් වඩා වැඩේ ලේසි වෙන්න පුලුවන්..."
"ඒ කිව්වේ..."
"නූරි කියන්න ඇති ඔයාග සමහරවිට මම spells පුරුදු වෙනවා කියලා..ඔව්...
මුහුද පැත්තට වෙන්න මම විතරක් මෙච්චර කල් දන්න තැනක් තියෙනවා...මට හැම හෝඩුවාවක්ම ලැබුනේ එතනින්...
මේ වලල්ලට ඕන කරන ශක්තිය ගන්න නං අනිවාර්යයෙන්ම ඕනේ gemini coven එකකින් බැදුනු නිවුන් දරුවන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්...
ඒ වගේම ඒ දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඉතුරු වෙනා ඉන්න ඕනේ...ඒ ඉතුරු උන කෙනාගේ මුලු ශක්තියම මේ වලල්ලට ගත්තම සමහරවිට ඒ කෙනා දුර්වල වෙන්න පුලුවන්...
ගොඩක් වෙලාවට මැරෙන්නත් පුලුවන්..."
"එහෙනන් අපිට දැන් කෙනෙක් හම්බුනා...නේද..."
"ඔව්...අරුන් මේ දේවල් හොයාගන්න කලින් අපි මේ වැඩේ ඉවරයක් කරමු.."
"නුරි ඔයා මින් එක්ක ගිහින් ඒකට ඔන කරන හැමදේම ලෑස්ති කරන්න..."
"අද..මේ දැන්ම ඒ වැඩේ පටන් ගමු..."
-----------------------------------------------
"සුගා මේ පැත්තෙන් යන්න බෑ..."
මොන් කෑගහලා කිව්වේ ඈතක ඉදන්...
අපිට තාම යාගන්න හරි උමග හොයාගන්න නෑ...ගොඩක් උමං වැහිලා..."දකුණු පැත්තෙනුත් බෑ සුගා..."
"දැන් අපි මොකද කරන්නේ..."