"කවුද ඔයා..."
තුන් දෙනාම එක පාරට නැගිටලා ආව කෙනා දිහා බැලුවා...
"මේ..කෙනා..."
ජින්ට හොදට දැකලා හුරු නිසා එයා බලාගෙනම හිටියා..
"ආහ්හ්....හීනේ...මගේ හීනේ ඉන්නේ..."
ජින්ට හීනෙන් පේන කොල්ලා තමයි කියලා එක පාරට මතක් උනා...
"ඔය කැප් එකයි මාස්ක් එකයි ගලවන්න..."
හොබී එහෙම කියන ගමන් ඉක්මනට එයාව ඇතුලට අරන් දොර වැහුවා කවුරුහරි එනවද කියලා බලලා...
එ කෙනා දාගෙන හිටිය කැප් එකයි මාස්ක් එකයි ගැලෙව්වා...
"මොකා...."
"කේන් ඔයා..."
"ම්ම්ම් ඔව්...මම තමයි..."
"උබට මොකද්ද බං උනේ..."තුන් දෙනාම පුදුමෙන් බලන් හිටියේ මේක හරියට හීනයක් කියලා හිතලා...
අවුරුදු 5කට විතර පස්සේ අතුරුදහන් වෙලා මැරිලා කියලා හිතන් හිටිය කෙනෙක් මෙහෙම ආවම..."ඉදගනින්කෝ...හැම දේම අකුරක් නෑර කියපන්..."
මොන් එහෙම කියලා කේන් ලගින්ම වාඩි උනා..
හොබී කේන්ට බොන්න දෙයක් අරන් එන්න ගිය අතරේ කේන් විස්තරේ කිව්වා..."මම එදා මැරුනේ නෑ....ඒත් අතුරුදහන් උනා..ඒක ඇත්ත...
මට උන දේ මටවත් හිතාගන්න බෑ...
ඒක හරියට හීනයක් වගේ...
අඩු ගානේ මට මගේ අයියවවත් අන්තිමට හම්බෙන්න බැරි උනා...""උබ කොහෙද මෙච්චර කල් හිටියේ...
අපි උබව හෙව්වේ නැති තැනක් නෑනේ...""මෙහෙ මාව හෙව්වට හම්බුනේ නැති එක ඇත්ත...ඒක වෙන්න බෑ කොහොමත්...
මොකද....
මම හිටියේ පෘථිවියේ..."