"ඇයි චිමී?අප්පා කරපු වැරුද්දට ඇයි මමයි ජීහියිත් විදවන්න ඔිනෙ?"කෙල්ල ඇහුවා..කොල්ලා හිනාවෙලා ජියාගෙ අත පිටිපස්සෙ බිත්තිය දිගේ ඇදගෙන ගියෙ තුවාල වෙලා ලේ එන්නමයි..

"අහ්..චිමී..රිදෙනවා..."කෙල්ල අමාරුවෙන් කෙදිරිගාද්දි ජිමින් කට කොනට හිනාවක් නගාගත්තා..ජිමින් කෙල්ලගෙ අත මිරිකගෙන ලේ එන අත කෙල්ලට පෙන්නුවා..

"පේනවද මේ ගලන ලේ?මේවා කාගෙද?තමුන්ගෙ මිනීමරු අප්පගෙමයි..ඒ කියන්නෙ තමුසෙලා ඔක්කොම මිනීමරුවො..මගෙ අහිංසක අප්පව මරපු මිනීමරුවො.."කොල්ලා කිව්වෙ හරිම කුරිරු විදිහට..

"චේබල් ජිමින්..මට මෙහෙම කරන්න එපා..මං ඔයාට ආදරෙයි ජිමින්.."කෙල්ල කිව්වෙ ලොකු කදුළු බිංදුවක් ඇස්දෙකෙන් පහලට බේරෙද්දි..කොල්ලා කෙල්ලව අතඇරලා මහ සද්දෙන් හිනාවුණේ පිස්සු හැදිලා වගේ..ලයිබ්‍රි එක පිටිපස්සෙ නිස්කලංක පරිසරයෙ මේ වගේ පෙරලියක් වෙනවා කියලා කාටවත් නෑහෙන්න ඇති..කෙල්ලගෙ කදුළු දැක්කම ජිමින්‌ගෙ හිත ගැස්සුණේ නෑ කිව්වොත් බොරු..කිසිම දවසක කදුළක් වට්ටලා නැති තමන්ගෙ කාලයක් හොදම යාළුවගෙ ඇස්වල කදුළු ජිමින්ව කලබල කරා..

"ආදරෙයි?මට ආදරෙයි?තමුසෙ මට ආදරෙයි?ආයෙත් කියපන් බලන්න ඒක?තමුසෙ මට ගොඩක් ආදරේ ඇති..ඒත් මගෙ ලස්සන පවුල විනාස කරලා දාපු උඹට ආදරේ කරලා පවු පුරවගන්න බෑ මට..උඹ සතුටු වෙයන් ජියා..මම අනිත් අය ඉස්සරහා උඹ එක්ක වෙනසක් නොපෙන්වා ඉන්නෙ තමුසෙලා කොයි වගේ තත්වෙක ඉන්න එවුන්ද කියලා කවුරුත් දැන ගන්න ඔිනෙ නැති නිසයි..මම මගෙ සීමාවෙ ඉන්නෙ බොහොම අමාරුවෙන්..තමුසෙ ඒ සීමාව පන්නන්න හදන්න එපා..එහෙම වුණොත් රගපෑමක් වගේ තියෙන මේ යාළුකමත් නැත්තට නැති වෙලා යයි..."තරහින් කියාගෙන ගියපු කොල්ලා ජියාව බිමට තල්ලු කරලා දාලා එතනින් ගියා..

ජියා කදුළු පිහිදගත්තෙ ලොකු හුස්මක් හෙලලා..ජිමින්ගෙ වචන ඊතලයක් වගේ කෙල්ලගෙ පපුවට කිදාබැස්සා..කෙල්ලගෙ මූණට ආරූඪ වුණේ ගොඩක් තියුනු පෙනුමක්.ඒ ඇස්වල තිබුණෙ කුරිරුකමක්..

"නෑ..පාර්ක් ජිමින්..ඔයා මගේ විතරමයි..මේ චොයි ජියා ඔයාව වෙන කාටවත්ම දෙන්නෙ නෑ.."කෙල්ල මිමිණුවෙ අතින් ලේ ගලන තුවාලෙට ලේන්සුවක් තියලා තද කරගන්න ගමන්..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now