කොල්ලො තුන්දෙනා ඉස්කෝලෙට යන්න හැරුණා..තේහියොන් ජන්ග්කුක් දෙන්නා ජිමින් ගැන හිටියෙ සැලකිල්ලෙන්..මොනවා වුණත් ජිමින් කොල්ලො දෙන්නගෙ යාළුවා..සහෝදරයා..ජිමින්ට මොකක් හරි ප්‍රශ්නයක් කියන්නෙ අනිත් දෙන්නගෙත් ප්‍රශ්නයක් තමයි..

ජිමින්..ඇතුළෙන් කොයි තරම් විදෙව්වත් කොල්ලො දෙන්නා ඉස්සරහ වෙනසක් නැතුව ඉන්න ගත්ත උත්සහය යම් තරමක් සාර්ථකයි..වෙනදා වගේම ඉස්කෝලෙට ඇවිදින පාර දිගටම කොල්ලො තුන්දෙනා හිනා කතාවෙන්මයි ආවෙ..ගෙදර ඉදන් ඉස්කෝලෙට වැඩි දුරක් නැති වුණ නිසාම කොල්ලො තුන්දෙනාම පයින්මයි ඉස්කෝලෙට එන්නෙ..

"චිමී..."ජිමිපස්සෙන් ඇහුණ ඒ කටහඩට ජිමින්ගෙ කකුල් දෙක එකපාරට නැවතුනා..ඒ වගේම තේහියොන් ජන්ග්කුක් දෙන්නගෙත්..ජිමින් ලොකු හුස්මක් හෙලලා ඉස්සරහට ඇවිදගෙන යද්දි ජන්ග්කුක් තේහියොන් දෙන්නා පිටිපස්ස හැරිලම හිටියා..

එකපාරටම කොල්ලො දෙන්නගෙ කරට පැන්නෙ කෙල්ලෙක්..පැන්න වේගෙට කොල්ලො දෙන්නව පොඩ්ඩක් පිටිපස්සට විසිවුණා..කෙල්ල බෑග් එකත් අල්ලගෙන බෙල්ල පොඩ්ඩක් පැත්තට හරවලා කොල්ලො දෙන්නා දිහා බැලුවා..

කෙල්ල බෑග් එකත් අල්ලගෙන බෙල්ල පොඩ්ඩක් පැත්තට හරවලා කොල්ලො දෙන්නා දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආයිෂ්..ජියා..කෙල්ලෙක් නේද උඹ?පොඩ්ඩක් හොදට හැසිරෙනවකො.."තේහියොන් කරට පැන්න කෙල්ලට කෑ ගැහුවා..

චොයි ජියා..කොල්ලො තුන්දෙනාගෙ යාළුවා..ඒත් කෙල්ල ජිමින්ට දැක්වුවෙ විශේෂයක්..ආදරය නිසා හෝ ආකර්ෂණය නිසා ජියාට ජිමින් විශේෂ වුණා..ඒත් ජිමින් කෙල්ලට කිසිම වෙනසක් දැක්වුවෙ නෑ..ජියාගෙ හැසිරීමට ජිමින් කැමති වුණෙත් නෑ..ජිමින් කැමති වුනේ නිවුණ අහිංසක කෙල්ලෙක්ට..හරියට කොල්ලගෙ ඔම්මා වගේම..

Love In The Moonlight | Jimin Centric | CompletedWhere stories live. Discover now